Wednesday, March 2, 2016

බහුජාතික සමාගම් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තර්ජන හා අභියෝග


බහුජාතික සමාගම් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තර්ජන හා අභියෝග 

වත්මන් සමාජය තුළ තරඟකාරී ව්‍යාපාරික ලෝකයක් බිහිව ඇත සීමිත සම්පත් නිසිලෙස කළමනාකරණය කර ගනිමින් මිනිසුන්ගේ අසීමිත අවශ්‍යතාවන් සපුරාලමින් සමාජයේ ආර්ථික මෙහෙවර ඉටු කරනුයේ ව්‍යාපාර මගිනි. දිගුකාලීනව පවත්වාගෙන යමින් ලාභ ඉපයීම ව්‍යාපාරයක මුඛ්‍ය අරමුණ වේ වාණිජ ලෝකය තුළ දක්නට ලැබෙන්නා වූ තරඟකරීත්වය දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද දක්කට ලැබේ මෙම තරඟකාරීත්වය කාර්මික විප්ලවයත් සමඟ ආරම්භ වූවකි මෙම තරඟකාරීත්වය ඇමරිකාව සහ යුරෝපාකරයේ ප‍්‍රබල ලෙස දක්නට ලැබේ වත්මන් වානිජ ලෝකය තුළ ප‍්‍රබල ආධිපත්‍යයක් දරණ කොටසක් ලෙස බහුජාතික සමාගම් සඳහන් කළහැකිය. බහුජාතික සමාගමක් ලෙස හදුන්වනු ලබන්නේ එක් රටක මූලස්ථානය පවත්වා ගෙන යමින් රටවල් රාශියක සිය වෙළඳ ආධිපත්‍ය පවත්වාගෙන යන සමාගම්ය. උදාහරණ ලෙස යුනිලීවර්ස් සමාගමේ ශාඛා රටවල් 70ක පවතින බව සඳහන් වේ.


බහුජාතික සමාගමක් ආරම්භ කරනවිට විවිධ පෙළඔවීමේ දිරිගැන්වීම් හා සහනාධාර ඉල්ලා සිටි අවස්ථා දක්නට ලැබේ. බහුජාතික සමාගමක් පිහිටුවීම තුළින් බොහෝ වරප‍්‍රසාද රාශියක් හිමිකර ගත හැකිය. ඒ අතර කම්කරු නීති අදාළ නොවීම වෘත්තීය සමිති ආරම්භ කළ නොහැකි වීම ආදිය සඳහන් කළ හැකිය. බහුජාතික සමාගමක් රටක පිහිටුවීම තුළින් රටකට ලබාගත හැකි වාසි රාශියක් තිබේ. ඒ අනුව ප‍්‍රාග්ධන ඌනතා මගහරවා ගැනීමට හැකියාව ලැබේ. එපමනක්  නොව වානිජ ලෝකය තුළ පවතින තරඟයට සෘජු ලෙස මුහුණ දීමට හැකියාවක් ලැබේ. එසේම සීමිත සම්පත් යොදා ගනිමින් උපරිම නිෂ්පාදන ප‍්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව පවතී.  එසේම වත්මන් සමාජය තුළ අධික සේවා වියුක්තියක් දක්නට ලැබෙන අතර එම සේවා වියුක්තියට පිලියමක් ලබාගත හැක. එනම් රැකියා අවස්ථා ඇති කර ගත හැකිය. විශේෂයෙන්ම නූතන තාක්ෂණය සමඟ මුසු වෙමින් අන්තර්ජාතික වෙළදාමට යොමුවිය හැකිය. එසේම නව කළමනාකරණ ශිල්ප අනුගමනය කළ හැකි අතර විශේෂ ආයෝජනයද ඉහළ යනු ලැබේ.

මෙවන් වාසි බහුජාතික සමාගම්  අත්කර ගනු ලබන අතර තර්ජන රැසකට  මුහුණ දේ  ඒවා මෙසේ සඳහන් කළ හැකිය.

විවිධ රජයන් ජනතාව මුලා කිරීමේ අදහසින් ආයෝජයකින් ගෙන්වීම තර්ජනයක් ලෙස සඳහන් කළ හැකිය. රටක් තුළ කලින් කලට පත්වන රජයන් ඔවුන්ගේ අභිවෘර්ධිය සඳහා ජනතාව රවටාලමින් විවිධ ආයෝජකයින් ලංකාවට ගෙන්වීම තුළින් රටක් තුළ සංස්කෘතිය මෙන්ම පරිසරයද විනාශ විය හැකිය. වෙනත් රටවල් වල පරිසරයට ඔරොත්තු දෙන දේ ලංකාවේ පරිසරයට අහිතකර විය හැකි අතර ඒ හරහා ලංකාවේ දුර්ලභ ගනයේ සත්වයන් විනාශ වී රටේ අනන්‍යතාවයට පවා හානි කරලිය හැකිය. එසේම ස්වභාවසෞන්දර්ය මගින් රටේ සුන්දරත්වය ගිලිහී යා හැකිය. විවිධ රජයන් මගින් ආයෝජයකින් ගෙන්වීම තුළින් රටතුළ ආර්ථිකය අතින් විශාල ශක්තිමත් වීමක් සිදුවිය හැකිය. කෙසේ නමුත් එම සංවර්ධනය පිටුපස සංස්කෘතිය සහ පරිසරය අධික ලෙස විනාශයට පත්වීමට ඉඩ තිබේ. ලංකාව වැනි සුන්දර රටක් අසුන්දර වීමට බලපායි.

එසේම බහුජාතික සමාගම් සඳහා තිබෙන තවත් තර්ජනයක් ලෙස දේශපාලන ඇ`ගිලි ගැසීම් තුළින් සමාගම් පැවැත්මට හානිදායක වීම සඳහන් කළහැක. රටක් තුළ බලවත්ම කණ්ඩායම ලෙස දේශපාලනය සඳහන් කළ හැකිය. දේශපාලඥයන් විසින් තම බලය අනිසි ලෙස උපයෝගි කෙට ගනිමින් රටේ සියලූ දේ සඳහා අනවශ්‍යය ලෙස ඇගිලි ගැසීම් සිදු කරනු ලැබේ. ඔවුන්ගේ පෞද්ගලික වාසි සඳහා මෙය හේතු වේ. ඒ අනුව බහුජාතික සමාගම් වලට දේශපාලන ඇගිලි ගැසීම්  නිසා  බහුජාතික සමාගමකට ස්වාධීනව පවත්වා ගෙන යැමට නෙහැකි තත්වයක් උද්ගත වේ. ඒ අනුව සමාගම් බිඳ වැටීමටද මෙය හේතු වේ. ඒ අනුව පෙනි යන්නේ   බහුජාතික සමාගම් වලට තිබෙන ප‍්‍රබල තර්ජනයක් ලෙස දේශපාලන ඇගිලි ගැසීම් සඳහන් කළ හැකිය.

ඒසේම  බහුජාතික සමාගමකට තිබෙන තවත් තර්ජනයක් ලෙස සඳහන් කළ හැක්කේ බහුජාතික සමාගම් තුළින් රටේ සංස්කෘතිය සහ සාරධර්ම ගිළිහීයන බවට තිබෙන මතයයි. රටකින් රටකට ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට සාරධර්ම මෙන්ම සංස්කෘතිය වෙනස්ය. නව සංස්කෘතිකාංග සමාජ ගතවීමටත් සමග දේශිය සංස්කෘතිකාංග සමාජගත වීමත් සමග දේශිය සංස්කෘතිකාංග යටපත් වීමටත් මෙන්ම සාරධර්ම පිරිහීමක් දක්නට ලැබේ. රටක් තුළ පවතින සාරධර්ම මෙන්ම සංස්කෘතිකාංග එලෙසින්ම පවත්වා ගනිමින් බහුජාතික සමාගම් වලට කටයුතු කිරීම අපහසුය. ඒ අනුව පෙනී යන්නේ රටක සංස්කෘතිකාංග මෙන්ම සාරධර්ම පිරිහි යාමද බහුජාතික සමාගම් වලට රටක සමාජයෙන් එල්ලවන අභියෝගයක් බවයි.

ඒසේම   බහුජාතික සමාගමක පවතින තවත් තර්ජනයක් ලෙස සේවකයන්ගේ අතෘප්තිමත්භාවය ස`දහන් කළ හැකිය. බහුජාතික සමාගම් තුළ දැඩි කි‍්‍රයාමාර්ග මත සේවකයාගෙන් වැඩ ගැනීම සිදු වේ. මෙහිදී කාළගුණ තත්ත්වය දේශගුණ ත්ත්වය මෙන්ම ලෙඩ රෝග ආදියද නොසලකා වැඩ ගැනීම සිදු වේ. ඒ තුළින් සේවකයා මහත් ලෙස අතෘප්තිමත්භාවයට පත් වේ. එම නිසා සේවය හැරදා යම් සිදු වීම් වැඩි විය හැකිය. සේවකයාට සමාගම කෙරෙහි සුභවාදී ආකල්පයක් ගොඩ නොනැගේ. ඒ අනුව සේවකයන් පිළිබද දැඩි තර්ජනයකට මුහුණ දීමට  බහුජාතික සමාගම්වලට සිදු වේ. සේවකයන් යනු ආයතනයක ජීවරුධිරය වන් පිරිසකි.

එසේම බහුජාතික සමාගම් නිසා ළදරු කර්මාන්ත හා සුළු කර්මාන්ත යනාදියට අහිතකර ලෙස බලපෑම් ඇති වේ.

සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර පිළිබඳව සැළකිල්ල යොමු කිරීමේදී සංවර්ධින රටවල් වල මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් වලටද ආර්ථිකයට විශාල දායකත්වයක් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර වලින් ලබා දේ. විශේෂයෙන් ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක දරිදාතාවයන් හා විරැකියාව දුරු කිරීම සදහා විශාල දායකත්වයක් ලබාදෙනු ලැබේ. මහා පරිමාන නිෂ්පාදකයින් ග‍්‍රාමීය ප‍්‍රදේශවල කර්මාන්ත ආරම්භ කිරීමට මැලිකමක් දක්වයි. ඊට හේතුව වන්නේ යටිතල පහසුකම් රහිත වීමයි නමුත්  සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර පවත්වා ගෙන යාම සඳහා උසස් මට්ටමේ යටිතල පහසුකම් අවශ්‍ය නෙවේ. ඒ හේතුවෙන් ප‍්‍රදේශිය සම්පත් උපයෝගී කර ගනිමින් රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා  සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර  ව්‍යවසායකයින් විශාල දායකත්වයක් ලබා දෙනු ලැබේ.

ලංකාවේ බොහෝ ව්‍යාපාර කොළඹ කේන්දා කොට ගෙන බිහිවී තිබෙන නිසා බොහෝ ග‍්‍රාමීය ප‍්‍රදේශවල තරුණ තරුණියන් කොළඔට පැමිණෙමින් තිබේ. ඒ තුළින් බලවත් සමාජ ගැටළුවක් නිර්මාණය වී ඇති අතර එම සමාජ ගැටළුව බිඳලීමට ග‍්‍රාමීය ප‍්‍රදේශවල සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරවලට හැකියාව ලැබේ. මෙම  සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරවල තර්ජන හා අභියෝග රාශියකට මුහුණ දේ ඒවා මෙසේ සඳහන් කළ හැකිය.

 සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර මුහුණදෙන ප‍්‍රබල අභියෝගයක් ලෙස ප‍්‍රාග්ධන හිගකම සඳහන් කළ හැකිය. ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ප‍්‍රාග්ධනය ලෙස යෙදා ගන්නේ තමන් සන්තක මුදලක් හෝ ණයට ලබාගත් මුදලකිනි. නමුත් ව්‍යාපාරය වර්ධනය වීමත් සමග ප‍්‍රාග්ධන හිඟතාවයක් ඇති වේ. එවිට එම අඩුපාඩුව මගහරවා ගැනීමට සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් අපහසුතාවයට ලක්වනු ලැබේ මහා පරිමාන ව්‍යාපාරයක නම් කොටස් අලෙවි කිරීම මගින් ව්‍යාපාරයට අවශ්‍ය ප‍්‍රාග්ධනය සපයාගනු ලැබේ. නමුත් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ට එවන් හැකියාවක් නොමැත. එම නිසා බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයක පිහිට පැතීමට සිදුවේ. එවන් ආයතනයකින් තම අවශ්‍යතාවය සපුරා ගැනීමට යාමේදී අවශ්‍ය කරන ඇප සුරකුම් සපුරා ගැනීමට ව්‍යාපාරිකයාට අසීරු කටයුත්තකි. ඒ අනුව පෙනී යන්නේ   සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් සෑම විටම ප‍්‍රාග්ධන හිඟතාවයෙන් පෙළෙන බවයි.

එසේම සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් මුහුණ දෙන තවත් අභියෝගයක් නම් ආනයන ආදේශන සමග තරඟ කළ නොහැකිවීමය. සංවර්ධිත රටවල් තාක්ෂණය උපයෝගී කෙටගෙන ඉහළ ගුණත්වයෙන් යුතුව ඉතා අඩු මිලට වෙළඳපල ආක‍්‍රමණය කොට තිබේ ආර්ථිකය ලිහිල් කිරීමත් සමග වෙළදාමට ඇති බාධක ඉවත් වීමත් සමගම අඩු පිරිවැයකින් ඉහළ ගුණත්වයකින් යුතු ආනයනික භාණ්ඩ විශාල ලෙස ලංකාවේ වෙළඳපලට ගලා ඒම සිදු වේ. එම භාණ්ඩ දේශිය තාක්ෂණය ඔස්සේ නිපදවන විට ඉහළ පිරිවැයක් දැරීමට සිදුවේ.  එම නිසා දේශීය ව්‍යපාරිකයන්ට තරඟකාරීත්වයට මුහුණ දීමට නොහැකිය. පාරිබෝගිකයාගේ ආකර්ශනය දිනා ගැකීමට අපහසුය. මේ හේතුව නිසා සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට මහත් අසීරුතාවයකට මුහුණ දීමට සිදුව ඇත.

එසේම සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝගයක් ලෙස ව්‍යවසායකත්වය පිළිබඳ දැනුම අඩුවීම සඳහන් කළ හැකිය. සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් ව්‍යාපාර ආරම්භ කර පවත්වාගෙන යාමට අවශ්‍ය කළමනාකරණ දැනුම රහිතය. එම නිසා අවස්ථා හදුනා ගැනීමට නොහැකිය. තර්ජන යටපත් කරගනිමින් තරඟකාරී ලෝකයට ඔවුන්ට මුහුණ දීමට අසීරුය එය නිසා ව්‍යාපාර අතර මග නතර කිරීමටද සිදුවේ.

එසේම සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් මුහුණ දෙන තවත් අභියෝගයක් ලෙස යටිතල පහසුකම් ප‍්‍රමාණවත් නෙවීම සඳහන් කළ හැකිය. ශී‍්‍ර ලංකාවේ බෙහෝ යටිතල පහසුකම් නාගරී කේන්දා කොට ගෙන බිහිව ඇත. නගරයෙන් ඈත් වන්න ඈත් වන්න යටිතල පහසුකම් අවම මට්ටමක පවතී. එම ප‍්‍රදේශවල ප‍්‍රවාහනය සන්නිවේදනය ආදීය සදහා ඉහළ පිරිවැයක් දැරීමට සිදු වේ.  මෙසේ යටිතල පහසුකම් හිගවීම නිසා තමන්ට අවශ්‍ය දේ සපුරා ගැනීම සදහා මහත් දුෂ්කර ව්‍යායාමයක නිරත වීමට සිදු වේ. මෙයද ඔවුන් මුහුණ දෙන ප‍්‍රධාන ගැටළුවක් ලෙස සදහන් කළ හැකිය.

සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් මුහුණ දෙන තවත් අභියෝගයක් ලෙස සඳහන් කළ හැක්කේ ව්‍යාපාර සැළසුම් නොමැති වීමයි. සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් තම ව්‍යාපාර මෙහෙයවනු ලබන්නේ තමන්ට හිතැ`ගි ආකාරයටය ව්‍යාපාර අයිතිකරු නොමැතිනම් ව්‍යාපාරයේ පැවැත්ම අඩාල වේ. එසේ වන්නේ ව්‍යාපාරයට ක‍්‍රමවත් සැලැස්මක් නොමැති නිසාවෙනි. ව්‍යාපාරයට අවශ්‍ය අලෙවිකරණ, මෙහෙයුම්, කළමනාකරණ, හා මූල්‍ය සැළස්මක් නිසි ලෙස පවත්වා ගතයුතුය. එසේ සැලැස්මකට අනුව කටයුතු කරනු ලබනවානම් ව්‍යාපාරය උසස් දියුණු මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබේ.

ඒසේම  සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් මුහුණ දෙන තවත් අභියෝගයක් ලෙස ගෝලීයකරණ ප‍්‍රවනතාවන් කෙරෙහි සැළකිල්ලක් නොදැක්වීම ස`දහන් කළ හැකිය. වත්මන් සමාජයේ සන්නිවේදනයේ දියුණුවත් සමග විශ්ව ගම්මානයක් බවට පත්ව තිබේ. මේ හේතුවෙන් රටක ආර්ථිකය තාක්ෂණය සමාජය කඩිනම් වෙනස්වීම් රැසකට භාජනය වෙමින් පවතී. මෙම වේගවත් දියුණුව නිසා වෙළඳපල තුළ නව අවස්ථා රාශියක් බිහිව ඇත. ඒවා හදුනා ගැනීම මෙන්ම ඊට ඉක්මනින් ප‍්‍රතිචාර දැක්වීමටද ව්‍යවසායකයින් දක්ෂ විය යුතුය. මහා පරිමාන ව්‍යවසායකයින් නම් ශඛ්‍යතා අධ්‍යයනයන් මගින් එම අවස්ථාවන්ට මුහුණ දෙනු ලැබේ. සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට එම ශක්තිය වර්ධනය කර ගැනීමට ඉතාමත් දුෂ්කරය.

සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් මුහුණ දෙන තවත් අභියෝගයක් නම් වත්මන් දියුණු තාක්ෂණය හමුවේ දුර්වල වීම සදහන් කළ හැකිය. තවමත් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් සාම්ප‍්‍රදායික ක‍්‍රම අනුගමනය කරනු ලැබේ. ගෝලියකරණයත් සම`ග රටවල් තුළ භාණ්ඩ නිපදවීමත් සමග අධිතාක්ෂණය යොදා ගනු ලැබේ. එම භාණ්ඩ බෙදාහැරීම සදහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීමත් නිසා නිෂ්පාදන පිරිවැය ඉතා අඩුය. බෙදා හැරීමේ ක‍්‍රමය වේගවත්ය. දියුණු රටවල් හා මහා පරිමාන ව්‍යවසායකයින් යෙදා ගනු ලබන මෙම අධිතාක්ෂණය සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට යොදා ගැනීම අපහසුය. එනම් ප‍්‍රාග්ධන හිගකම හේතුවෙනි. එම නිසා සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් සාම්ප‍්‍රදායික ක‍්‍රමවේද පමණක් කි‍්‍රයාත්මක කරනු ලැබේ එම නිසා පහළ ගුණත්වයෙන් යුතු කාර්යක්ෂමතාවයෙන් අඩු නිෂ්පාදනය වැඩි වීම යන හේතූන්ට මුහුණ දීමට සිදුවේ.

  සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් මුහුණ දෙන තවත් අභියෝගයක් වන්නේ ඔවුන්ගේ අවධානය රැදී පවතින්නේ ආසන්න ප‍්‍රදේශ කිහිපයකට පමණි. ජාතික මට්ටමින් හෝ අන්තර්ජාතික මටිටමින් වෙළඳපෙල ග‍්‍රහණය කර ගැනීමට ඔවුන් තුළ උනන්දුවක් නොමැත. ජාත්‍යන්තර වෙළඳපල සමඟ ගනුදෙනු කිරීමේදී ඊට අදාළ නීතිරිති ක‍්‍රමවේදයන් පිළිබඳ අඩු දැනුමක් පැවතීමද තර්ජනයක් ලෙස සඳහන් කළ හැකිය.

 සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට වෘත්තීය නිපුණතාවයෙන් යුතු සේවකයන් සොයා ගැනීම සහ ඔවුන් ව්‍යාපාරය තුළ රඳවා ගැනීමට නොහැකි වීමද තර්ජනයක් ලෙස ස`දහන් කළ හැක. වෘත්තීය නිපුණතාවයෙන් යුතු සේවකයන් මහා පරිමාන ව්‍යාපාරයන්ට සහභාගීවන බැවින් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර සමඟ එකතු වීමට කැමැත්ත අඩුය.
ඉහත සඳහන් ආකාරයට බහුජාතික සමාගම් හා සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝග සහ තර්ජන මෙසේ විස්තර කළ හැකිය

සිංහල සිනමා ශාලාවන් වැසීයාම

සිංහල සිනමා ශාලාවන් වැසීයාම පිළිබඳ ග‍්‍රාමීය තරුණ ප‍්‍රජාවගේ ආකල්පය


වර්තමානය වන විට දක්නට ලැබෙන ප‍්‍රවණතානක් ලෙස සඳහන් කල හැක්කේ දිනෙන් දින සිනමා ශාලාවන් වැසී යාමයි. එනම් සිනමා ශාලාවන් සඳහා ඇදී යන පේ‍්‍රක්ෂක ප‍්‍රමාණය ඉතා සීමිත වීමයි. ඊට හේතු සොයා බැලීම ඉතා වැදගත් වේ. එකළ බොහෝ ප‍්‍රදේශ වල  සෑම නගරයකම පාහේ සිනමාශාලා කිහිපයක් විය. චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනය වන කාල සීමාෙවි එම ශාලාව උතුරා යන පිරිසකගෙන් සමන්මිත විය. නමුත් වර්තමානය වන විට සිනමා ශාලාවල පේ‍්‍රක්ෂක පිරිස අසුන් කිහිපයකට පමනක් සීමා වී තිබේ. වයස් භේදයකින් තොරව චිත‍්‍රපට නැරඹීම සඳහා පේ‍්‍රක්ෂකයන් ඇදී ගියේ විනෝදාස්වාදයක් ලබා ගනිමින් සිතේ පීඩාව මෙන්ම කාන්සිය දුරු කරවා සමාජාවබෝධය ලබා ගැනීමේ අභිප‍්‍රයෙනි. ග‍්‍රාමීය තරුණයන්ගෙන්ද තම මිතුරු රංචු පිටින් සිනමා ශාලාවන්ට ඇදී ගියේ අපූර්ව වින්දනයක් ලබා ගැනීමටය. හුදකලා බවින් මිදී මිත්ත‍්‍රවය තහවුරු කරමින් සිනමා ශාලාවේ අසුන් ගත් ග‍්‍රාමීය තරුණ රැළ වත්මනේ ජංගම දුරකතනයේ හෝ පරිගණක තිරයේ දිස්වන චිත‍්‍රපටය දෙස තම දැස දිගු කරමින් පවතී.

මේ අකාරයට සිනමා ශාලාව වෙත ග‍්‍රාමීය තරුණයන් ඇදී නොයෑම පිළිබඳව ඔවුන්ගේ මතය වන්නේ තමන්ට අවශ්‍ය විටකදී  ඕනෑම වෙලාවකදී මෙන්ම  ඕනෑම ස්ථානයකදී ඉතා පහසුවෙන් නැරඹීමට පරිගනකයෙන් සහ ජංගම දුරකතනයෙන් හැකි වීමයි. එසේම කැමති ඉරියව්වකින් සිටිමින් නැරඹීමට හැකි අතර වෙනත් කෙනෙකුගේ මැදිහත් නොවීමද වාසියක් ලෙස ඔවුන්ගේ මතය වේ. එසේම සිනමා ශාලාවකට ගිය විට තමන්ට අකමැති කොටසක් තිබේනම් ඒවා නැරඹීමට කාලය වෙන් කිරීමට සිදු වන අතර නව මාධ්‍ය ඔස්සේ නැරඹීෙමීදී අකමැති කොටස් මඟ හරවමින් නැරඹීමට හැකි බවත් කැමති කොටස් නැවත නැවත බැලීමට නිදහස තිබෙන බව තරුණ මතය වේ. මෙවන් අවස්ථාවන් සිනමා ශාලාව තුළ නොමැති නිසා ඊට සහභාගී වීමට තරුණයන් වත්මනේ ප‍්‍රතික්ෂේප කරන බව ඔවුන්ගේ මතයයි.

එසේම සිනමා ශාලාව තුළ චිත‍්‍රපටය නැරඹීම සඳහා යම් වේලාවක් කැප කිරීමට සිදුවනු ලබන අතර එම වේලාවේම එය නැරඹිය යුතුය. නමුත් නව මාධ්‍ය ඔස්සේ නැරඹීම සඳහා නිශ්ච්ත වේලාවක් අවශ්‍ය නොමැත.  ඕනෑම වේලාවකදී නැරඹිය හැකි අතර  ඕනෑම ස්ථානයකින් නතර කර වෙන ක‍්‍රියාවක් සිදු කොට නැවත පැමිණ නතර කරන ලද ස්ථානයේ සිට නැවත බැලීමට හැකියාව ලැබේ. නමුත් එවන් හැකියාවක් සිනමා ශාලාවන්ට හිමි නොවේ.

එසේම නව මාධ්‍ය ඔස්සේ නරඔන විට තමන් කැමති  ඕනෑම චිත‍්‍රපටයක් නැරඹීමට හැකියාව ලැබේ. නමුත් සිනමා ශාලාවට ගිය විට එම කාලයේ ප‍්‍රදර්ශනය වන පටය නැරඹීමට සිදු වේ. එම නිසා තරුණ ප‍්‍රජාව තමන්ගේ පහසුව කාලය මෙන්ම මුදල් ගැන සලකා බලන විට සිනමා ශාලාවකට ගොස් නරඔනවාට වඩා නව ප‍්‍රවණතා යටතේ ජංගම දුරකතනයෙන් හෝ පරිගනකයෙන් නැරඹීම වඩාත් උච්ත බව ඔවුන්ගේ මතය වේ.

ග‍්‍රාමීය තරුණ තරුණියන් 50 දෙනෙකුගෙන් ලබා ගත් දත්ත වලට අනුව චිත‍්‍රපට නැරඹීම පිළිබඳ රුචිකත්වය පහත පරිදි විය

මාධ්‍ය              සංඛ්‍යාව

සිනමාශාලා          05

දුරකතනයෙන්         12

පරිගණකයෙන්       33

 

ඒ අනුව පෙනී යන්නේ ග‍්‍රාමීය තරුණ තරුණියන් සිනමා ශාලාවට ඇදී යාමේ ප‍්‍රවනතාව ඉතා සීමිත බවක් නව මාධ්‍ය තුළින් නැරඹීමේ කැමැත්ත ඉතා ඉහළ බවත්ය. ඒ අනුව පැහැදිලි වන්නේ නව මාධ්‍ය කෙරේ බැදීම වැඩි වී සාම්ප‍්‍රධායික මාධ්‍ය තුළින් ඉවත් වී ඇති බවයි.

මාධ්‍යවේදීන්ගේ භාෂාහැසිරවීම


වත්මන් මාධ්‍යවේදීන්ගේ භාෂාහැසිරවීමේ විලාශය


තොරතුරු පිපාසයෙන් සිටින ජනතාව වෙත තොරතුරු රැගෙන යාමේ කාර්යයෙහි නිරත වන්නේ මාධ්‍යවේදීන් විසිනි. ඔවුන් තම සන්නිවේදන කාර්යේදී ප‍්‍රබලව යොදා ගනු ලබන මෙවළම භාෂාවයි.  ඕනෑම භාෂාවක් සදහා වෙන්වු නීතිරීති පද්ධතියක් ඇත. සමාජය තුළින් පිළිගත් සංස්කෘතියක් ඇත. එම නීතිරිති පද්ධතියකට සංස්කෘතියට ගැලපෙන ආකාරයෙන් භාෂාව හැසිරවීම සිදුකළ යුතුය. එය මිනිසාගේ හැදියාව මනින සාධකයක් ලෙසද හදුන්වා දීමට හැකිය. මෙය සමාජයේ එක් පුද්ගල කෙට්ඨාසයකට පමනක් නොව සියලූදෙනාටම අදාළ වේ. ඒ අනුව ජනමාධ්‍යවේදීන්ට විශේෂිත වේ. ග‍්‍රහකයා සහ මාධ්‍ය එකිනෙකට බැඳලනු ලබන හූය වන්නේ භාෂාවයි.

වත්මන් නාලිකාවල සේවය කරන නිවේදකයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී භාෂාවේ විනාශයට මං පාදයි. වචන නිවැරදි ලෙස උච්චාරණය කිරීම සිදු නොවේ. භාෂාවක දිගු කාලීන පැවැත්ම තහවුරු වීමට නම් නිසි උච්චාරණයක් මෙන්ම නිවැරදිව භාෂා හැසිරවීම සිදු කළ යුතුය. පුවත්පතක වාර්තා කිරීමේදී නම් ලේඛන භාෂාව පිළිබඳ විශේෂ සැළකිල්ලක් යොමු කල යුතුය. ව්‍යාකරණ නිසි ලෙස භාවිතා කළ යුතුය. එසේ නොවන්නේ නම් එය අධ්‍යනය කරනු ලබන ළමුන්ගේ අධ්‍යාපනයට පවා තර්ජනයක් විය හැකිය. සමාජයේ සිටින ලෙකු කුඩා භේදයකින් තොරව මාධ්‍යට ලැදි බැවින් මාධ්‍ය වාර්තා කියවීමෙන් ඔවුන්ගේ දැනුම පුළුල් කර ගැනීමට බලාපොරොත්තු වේ. නමුත් මාධ්‍යවේදීන්ගේ භාෂාව නිසියාකාරව මෙහෙය වන්නේ නොමැති නම් ග‍්‍රහකයාද එය එලෙසින්ම ග‍්‍රහණය කරගනු ලබන නිසා ග‍්‍රහකයා නොමඟ යැවීමක් සිදුවේ. එසේ නොවන්නේ නම් එය සමාජයට ද කරනු ලබන අසාධාරණයක් මෙන්ම භාෂව විනාශ කරනු ලබන මෙහෙයක් ලෙසින්ද මෙය හදුන්වා දීමට හැකිය. එම නිසා නිවැරදි අක්ෂර වින්‍යාසය පිළිබඳ වාක්‍ය රටාවන් පිළිබඳ විධිමත් පුළුල් දැනුමකින් මාධ්‍ය වේදීන් සන්නද්ධ විය යුතුය. එවිට අර්ථ සම්පන්න ලෙස තම වෘත්තියේ නිවැරදි ලෙස හැසිරීමට අවස්ථාව උදාවනු ලැබේ.

එසේම ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය පිළිබඳව අවධානය යෙමු කිරීමේදී පාඨකයාට වඩාත් හොදින් මතකයට කාවදින මාධ්‍යක් ලෙසින් හදුන්වා දීමට හැකිය. එම නිසා ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවේදීන් භාෂාව පිළිබඳ නිරන්තර විමසිලිමත් භාවයකින් සිටිය යුතුය. සමාජයේ යහපත් පැවැත්ම ඉදිරියට ගෙන යාමේ වගකීම රදා පවතින්නේ ඔවුන් සතුව වීම ඊට ප‍්‍රධාන හේතුවයි. මාධ්‍යවේදීන්ගේ භාෂා හැසිරම අනුකරණය කිරීමට සමාජයේ බෝහෝ පිරිස් පෙළඹී තිබේ. එය සමාජ රැල්ලන් ලෙස පවතී. එම නිසා ඒ පිළිබඳ සැළකිලිමත් වෙමින් භාෂාව නිසි ලෙස හැසිරවීමට සියළු මාධ්‍යවේදීන් වගබලා ගත යුතුය.     

ගෝලීයකරණය


ගෝලීයකරණයේ හිතකර ලක්ෂණ හා අහිතකර ලක්ෂණ


චන්ද්‍රිකා තාක්ෂණය ඉන්ටර්නෙට් ජාලය වැනි සන්නිවේදන මාධ්‍යන්ගේ බලමහිමයෙන් මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්වී තිබේ. මාෂල් මැක්ලූහන් විශ්ව ගම්මාන සංකල්පය ප‍්‍රචලිත කළ සන්නි‍වේදකයා ලෙස සැලකේ. රුහැන් රහිත සන්නිවේදනය දියුණුවීම, විද්‍යුත් වාණිජ්‍ය බිහිවීම, ජාත්‍යන්තර සංචාරක කර්මාන්තය පුළුල්වීම. ගෝලීයකරණය සමඟ සිදුවිය ගෝලීයකරණයේ විශේෂ ලක්ෂණයක් වන්නේ ජාතික බවෙන් ඔබ්බට ව්හිදී යාමයි. 16 වැනි සියවසසේ වෙළදාම දියුණු වීමත් සමඟ නූතන ගෝලීයකරණය පිළිබඳ පදනම යෙදිණි.

යම් සදහා සන්නිවේදනය ප‍්‍රමුඛස්ථානයක් ගනී. යුරෝපය සමඟ පොත්පත් හා වෙනත් සන්නිවේදන ද්‍රව්‍යන් හුවමාරු කර ගැනීම නිසා දැනුම් හුවමාරුවක්ද මෙම කලාප දෙක අතර සිදු විය. මුහුදු අභ්‍යන්තරයේ කේබල් ඇදීම නිසා ලන්ඩන් හා නිව්යෝක් වෙළදපල අතර එසැණින් තොරතුරු හුවමාරුව සිදු විය. ගෝලීයකරණය විවිධ ආකාරයෙන් මනිනු ලැබේ. එකපුද්ගල ආදායම ගෝලීයකරණය මනිනු ලබන මිනුම් දණ්ඩක් ලෙස සඳහන් කළ හැකිය. ලෝකයක් එකට ඒකරාශි කරනු ලබන ගෝලීයකරණයේ හිතකර ලක්ෂණ මෙන්ම අහිතකර ලක්ෂණද රාශියක් දැක ගැකීමට හැකිය.

ගෝලීයකරණය තුළ දක්නට ලැබෙන හිතකර ලක්ෂණ ලෙස අන්තර්ජාතික වෙළදාම දියුණු වීම සදහන් කළ හැකිය. මුල් කාලීනව වෙළදාම එක් රටකට පමණක් සීමා වී තිබුණි.  නමුත් සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමඟ එක් රටක තොරතුරු තවත් රටකට හුවමාරු කර ගැනීමට හැකියාවලැබුණි. ඒ හරහා බොහෝ සෙයින් වෙළඳ තෙරතුරු මෙන්ම වෙළඳ ගනුදෙනු ඉතාමත් පුළුල් විය. උදාහරණ ලෙස මුහුදු අභ්‍යන්තරය හරහා කේබල් ඇදීම හේතුකොට ගෙන ලන්ඩන් සහ නිවයෝක් වෙළදපළ අතර එසැන තොරතුරු හුවමාරුවක් සිදු විය. ලෝකයේ කාර්මික හා ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ඉහළම ආදායම් උපයන ඇමරිකාවේ අන්තර්ජාලය මගින් සිදුකරන වෙළදාම සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවති. ඇමරිකාවේ බොන්ස්ටන් විශ්ව විද්‍යාලයේ අන්තර්ජාල විශ්ෂඥයෙකු වන මේරි ක්‍රෝනින් පවසන්නේ අන්තර්ජාලය යනු ව්‍යාපාරික කටයුතු මහා පරිමානයෙන් වඩා සාර්ථකව ඉටුකර ගත හැකි සන්නිවේදන මාධ්‍යක් බවයි. IBM ආයතනය තම විශේෂඥයන් හා සේවා සපයන්නන් පාරිභෝගිකයන් සමඟ ගනුදෙනු කරන්නේ අන්තර්ජාලය ඔස්සේය. විවිධ ආයතන කොටස් වෙළදපල හා සම්බන්ධ වී අදළ මුදල් ආයොජනය කිරීම්ද සිදු කරනු ලබන්නේ අන්තර්ජාලය ඔස්සේය. IBM ආයතනය විසින් 2002 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද the goloble report වාර්තාවට අනුව 2000 වර්ෂයේදී ඇමරිකානු එක්සත් ජනපද අන්තර්ජාල වෙළදාම ඇමරිකානු ඩොලර් බිලියන 161 ඉක්මවා ගොස් තිබේ. එය ජාත්‍යන්තර වෙළදාමෙන් 69%ක ඉහළ ප‍්‍රතිශතයක් ගනී. 2003 වන විට ඇමරිකාවේ අන්තර්ජාල වෙළදාම බිලියන 851වනු ඇතැයි ගණන් බලා තිබේ.

ගෝලීයකරණය තුළ දක්නට ලැබෙන තවත් හිතකර ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැක්කේ අනවශ්‍ය ලෙස කාලය අපතේ නොයැමයි. ගෝලීයකරණයත් සමඟ අවශ්‍ය කරන විවිධ තෙරතුරු නිවසේදීම ඉතාමත් ඉක්මනින් ලබා ගැනීමට හැකියාවක් ලැබේ. තොරතුරු ලබා ගැනීමට විවිධ ස්ථානවල කාළය මිඩන්ගු කිරීමක් අවශ්‍ය නැත ඒ අනුව කාලය ඉතිරි වීමද ගෝලීයකරණය තුළ දක්නට ලැබෙන හිතකර ලක්ෂණ ලෙස සදහන් කළ හැකිය.

ගෝලියකරණය තුළ දක්නට ලැබෙන තවත් හිතකර ලක්ෂණයක් ලෙස හදුන්වාදිය හැක්කේ නව රැකියා මාර්ග බිහි වීමයි. ආසියානු කලාපයේ තොරතුරු තාක්ෂණ භාවිතයේ සාර්ථකම ව්‍යාපෘති බොහෝමයක් ඉන්දියාව තුළ කි‍්‍රයාත්මක වේ. විවිධ ආකාරයේ ව්‍යාපාර හදුන්වා දෙමින් ලාභ ලැබිය හැක. එසේම පවත්වා ගෙන යනු ලබන ව්‍යාපාරයක් ප‍්‍රසිද්ධ කිරිම සදහා ද ගෝලීයකරණය තුළින්  සිදු කළ හැකිය. බොහෝ පිරිස් වර්තමානය තුළ අන්තර්ජාතික වශයෙන් වෙළදාම තුළ නිරතවී තිබේ. උදාහරණයක් ලෙස ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රන්තයේ කෘෂිකර්මාන්ත අතින් ස්වයංපෝෂිත ප‍්‍රදේශවල කෘෂි නිෂ්පාදන අලෙවිකර ගැනීම සඳහා අන්තර්ජාලය භාවිතා කරයි. එසේම කිරි වෙළදුන් උක් වෙළදුන් සෘජුවම අන්තර්ජාලය හරහා යුරෝපීය ගැනුම්කරුවන්ට තම නිෂ්පාදන අලෙවි කරයි. මෙසේ කෘෂිනිෂ්පාදන හා කිරි සාධාරන මිලකට අලෙවිකර ගැනීමට මෙන්ම එම නිෂ්පාදන වඩා උසස් තත්වයෙන් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය උපදෙස්ද අන්තර්ජාලය මගින් ලබා ගැනීම සිදු කරනු ලබයි. ඒ අනුව රැකියා අවස්ථා උත්පාදනය  ගෝලීයකරණය හිතකර ලක්ෂණයක් ලෙස සදහන් කළ හැකිය.

ගෝලීයකරණය තුළ දක්නට ලැබෙන තවත් හිතකර ලක්ෂණයක් වන්නේ තම නිෂ්පාදන අලෙවිකර ගැනීම සදහා වෙළදපළ සෙයා ගැනීමට ව්‍යාපාරිකයින්ට හැකියාව ලැබීමයි. ගෝලීයකරණය හරහා මෙය ඉතාමත් සාර්ථක ලෙස ඉටු වේ.

එසේම ගෝලීයකරණය තුළ දක්නට ලැබෙන තවත් හිතකර ලක්ෂණයක් ලෙස සදහන් කළ හැක්කේ දෛනික කටයුතු පහසු කිරීමයි. තමාට අවශ්‍ය කරන දේ නිවසටම ගෙන්වා ගත හැකිය. විදුලිබිල් ගෙවන්නට බැංකු කටයුතුද අන්තර්ජාලය හරහා සිදු කිරීමය හැකියාව ලැබේ. ඒ තුළින් දෛනික කටයුතු පහසු කරනු ලැබේ.

ගෝලීයකරණය තුළ දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් වන්නේ සාම්ප‍්‍රදායික ක‍්‍රමවලින් මිදී නුතන තාක්ෂණයට හුරු වීමට හැකිවීමයි.   සාම්ප‍්‍රධායික ක‍්‍රම හරහා ව්‍යවසායකයන්ට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරිමට අධික පිරිවැයක් දැරීමට සිදුවේ. නමුත් නූතන තාක්ෂණ දැනුම ගෝලීයකරණය තුළින් ලබා ගැනීමට හැකිවීම නිසා සාම්ප‍්‍රධායිකත්වයට කෙටු නොවී නව තාක්ෂණය හා මුසු වෙමින් නවෝත්පාදන සිදු කරමින් අඩු පිරිවැයකින් ඉහළ ගුණත්වයකින් යුතුව නිෂ්පාදන පාරිබෝගිකයා වෙත ලබා දීමට හැකියාව උදාවනු ලැබේ. යල්පැන ගිය සාම්ප‍්‍රදායිකත්වයෙන් මිදීමට මෙය කදිම අවස්ථාවකි.

වේගවත් සන්නිවේදන ජාලයක් බිහිවීමද මෙහි දක්නට ලැබෙන හිතකර ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැකිය. ව්‍යවසායකයෙකුට අවශ්‍ය තොරතුරු ඉක්මනින් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසේ. වේගවත් බව මෙන්ම විශ්වසනීය වශයෙන් යුතුව තොතුරු හුවමාරු කර ගැනීම සිදුවේ. ඒ හරහා තම ව්‍යාපාරය දියුණු වීම කෙරෙහිද විශාල ලෙස බලපානු ලැබේ. ඒ අනුව එයද හිතකර ලක්ෂණයක් ලෙස හදුන්වා දිය හැකිය.

ගෝලීයකරණයේ හිතකර ලක්ෂණ මෙන්ම අහිතකර ලක්ෂණද රාශියක් දක්නට ලැබේ ඒවා මේසේ සාකච්ජා කළ හැකිය. සංස්කෘතිය පිරිහි යාම ඉන් එක් ලක්ෂණයක් ලෙස සදහන් කළ හැකිය. එක් රටක ආවේණික වු සංස්කෘතිකාංග දක්නට ලැබේ. ගෝලීයකරණය සමඟ සියළු රටවල් ඒකරාශි වීමෙන් සංස්කෘතිකාංග මිශ‍්‍ර වීමක් දක්නට ලැබෙන අතර ඒ හරහා දේශීය සංස්කෘතිය යටපත් වීමක් සිදුවේ. ඒසේම දේශීය සංස්කෘතිය නොසලකා හැර බටහිර සංස්කෘතිකාංග ඉතා ඉක්මනින් වැළඳ ගැනීම සිදු වේ. එම නිසා සංස්කෘතිය විනාශ වී යාමක් සිදුවේ.

ගෝලීයකරණය තුළින් සිදුවන තවත් අහිතකර ලක්ෂණයක් ලෙස සදහන් කළ හැක්කේ සිංහල භාෂාව යටපත් වීමයි. දේශීය භාෂාව යටතේ අන්තර්ජාලයට පිවිස වෙළඳ ගනුදෙනු කිරිමට නෙහැකිය. එහිදී ඉංග‍්‍රිසි භාෂාව ආදිපත්‍යක් දරනු ලබන අතර දිනෙන් දින ඉංග‍්‍රිසි භාෂාව වියපත් වෙමින් පවතී. එයද අහිතකර ලක්ෂණයක් ලෙස සදහන් කළ හැකිය.

විද්‍යුත් වාණිජය භාවිතාව


විද්‍යුත් වාණිජය භාවිතාවන් හමුවේ සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකත්ව
කාර්යය භාර්යය

ඈත අතීතයේ වෙළදාම භාණ්ඩ හුවමාරුව සමග සිදුවිය. පසුව එය මුදල් මත සිදුවන අතර වර්තමානයේ විද්‍යුත් වානිජ්‍ය බිහිවී ඇත. විද්‍යුත් වානිජ්‍ය බිහිවීමත් සමග ව්‍යවසායකයින්ට ඉතාවිශාල පහසුකම් රාශියක් හිමි වී තිfබි. එමගින් ඔවුන්ගේ කටයුතු ඉතා සාර්ථකව මෙන්ම කාර්යක්ෂම ලෙස ඉටු කිරීමට හැකියාව ලැබී ඇත.

 සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට තම ව්‍යාපාරය දියුණු මට්ටමකට ගෙන ඒමටනම් තම ව්‍යාපාර වටපිටාවට අවශ්‍ය සියළු තොරතුරු ගැන අවධානයෙන් සිටිය යුතුය. ඒ අනුව එම තොරතුරු ඒකරාශී කර ගැනීමටනම් විද්‍යුත් වානිජය උපකාරීවේ. තම වෙළදාමට අවශ්‍යකරන තර`ගකාරීත්ව තොරතුරු ඊට මුහුණ දිය හැකි ක‍්‍රම ආදී විශාල තොරතුරු ප‍්‍රමාණයක් ලබා ගැනීමට ව්‍යවසායකයාට හැකියාව ලැබෙන්නේ විද්‍යුත් වානිජය බිහිවීමත් සමගය.

එපමණක් නොව විද්‍යුත් වානිජය නිසා සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර ගැන යහපත් අලෙවිකරණ ප‍%චාරණයක් ඇති කිරිමට හැකියාව ලැබේ. වර්තමානයේ 90% පිරිසම නව මාධ්‍ය සමග රැදී සිටි ඔවුන් තම අවශ්‍යතා රාශියක්ම නව මාධ්‍ය සමග එකතුවී කටයුතු කරනු ලැබේ. එම නිසා ව්‍යවසායෙකුට සාර්ථක අලෙවිකරණ ප‍්‍රචාරණයක් සිදු කිරීමට විද්‍යුත් වානිජය මගින් හැකිය. ඒ අනුව  විද්‍යුත් වානිජය  තුළ පාරිභෝගික ආකර්ෂණය දිනා ගන්නා ලෙස අලෙවි ප‍්‍රදර්ශන කටයුතු සකස් කිරීමට ව්‍යවසායකයාට කටයුතු කළ යුතුය. එවිට සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට සාර්ථක ව්‍යාපාර කටයුතු සිදු කළ හැකිය.

එසේම සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට විද්‍යුත් වානිජය තුළ සිදු කළහැකි තවත් කටයුත්තක් ලෙස සදහන් කල හැක්කේ නව වෙළ`දපලක් සදා ගැනීමට හැකියාව ලැබීමය. එනම් වර්;මානය වන විට වෙළදාම් වැඩි ප‍්‍රමාණයක් සිදු වනු ලබන්නේ අන්තර්ජාලය හරහාය. එම නිසා සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට නව වෙළ`දපළක් ආරම්භ කිරිමට හැකියාව ලැබේ.

ඒසේම විද්‍යුත් වානිජය මගින් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට  ලැබෙන තවත් වාසියක් ලෙස සදහන් කළ හැක්කේ තම ව්‍යාපාරය දියුණු කර ගැනීම සදහා අවශ්‍ය කරන සබ`oතා ඇතිකර ගැනීමට හැකියාවක් ලැබීමයි. ව්‍යාපාරයක් සිදුකර ගෙන යාමේදී හුදකලාව සිදු කළ නොහැකිය. විවිධ පුද්ගලයන් සමග විවිධ ආයතන සම`ග විවිධා කාරයෙන් සබ`දතා ගෙඩනගා ගැනීමට සිදු වේ. එම සබ`දතා ගෙඩනගා ගැනීමට හෙදම සහ විධිමත් ක‍්‍රමය ලෙස  විද්‍යුත් වානිජය සදහන් කළ හැකිය. එය ව්‍යාපාරයේ දියුණුව සදහා වර්තමානයේ සෑම ආයතනයක්ම නව මාධ්‍ය සමග එක් වී ඇත. එම නිසා ආයතන අතර සම්බන්ධතා ගොඩනැගීමට ද සුදුසු ක‍්‍රමය ලෙස මෙය සදහන් කළ හැකිය

එසේම ආයතනයට අවශ්‍ය කරනු ලබන සේවකයන් සොයා ගැනීමද ව්‍යවසායකයන්ට පහසු ක‍්‍රමයක් ලෙස විද්‍යුත් වානිජය හදුන්වා දිය හැකිය. වත්මන් සමාජය සමග සබදතා ගෙඩනගා ගත හැකිය. එසේම කුසලතාවයෙන් හෙබි  සේවක පිරිසක් සෙයා ගැනීමට නව මාධ්‍ය තුළන් හැකියාව ලැබේ. මෙයද සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට විද්‍යුත් වානිජය තුළින් ලැබිය හැකි හොදම අවස්ථාවක් ලෙස සදහන් කළ හැකිය.

මීට අමතරව ව්‍යාපාර දෛනික කටයුතු පහසු කර ගැනීමටද උපකාරී වේ. එනම් විවිධ බිල්පත් ගෙවීම සදහා බැංකුවල කාලය කා දමන්නට අවශ්‍ය නැත. එම සියළු කටයුතු විද්‍යුත් මාධ්‍යට සම්බන්ධ වීමෙන්  සිදු කර ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව බලන කළ ව්‍යවසායකයන්ගේ දෛනික කටයුතු  පහසු වේ.

සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට විද්‍යුත් වානිජය හරහා තමාට අවශ්‍ය කරන දේ මිලදී ගැනීමට හැකියාව ලැබේ. තම නිෂ්පාදනය සදහා අවශ්‍ය කරන්නා වු අමුද්‍රව්‍ය ඉතා පහසු මිලකට විද්‍යුත් වානිජය ඔස්සේ ලබා ගැනීමට හැකියාව ලැබේ. මෙසේ අඩු මිලට අමු ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකි නිසා පාරිභෝගිකයාට පහසු මිලකට ලබා දීමට සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට හැකියාව ලැබේ.

එසේම    සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට අවශ්‍ය නීත්‍යානුකූල ලිපි ගනුදෙනු කිරිමටද විද්‍යුත් මාධ්‍ය ඔස්සේ හැකියාව ලැබේ. මෙය පහසු කි‍්‍රයා පිළිවෙතකි. එසේම විස්වාසවන්ත ලෙස මෙම නීත්‍යානුකූල ලිපි හුවමාරු කර ගැනීමට අවස්ථාව උදාවේ.

ඒසේම වර්තමානය තුළ ආනයන හා අපනයන වෙළදාම ඉතාමත් ඉහළ මට්ටමක පවතී. ලංකාවට විශාල විදේශීය මුදලක් ගලා එනු ලබන්නේ මෙම ආනයන අපනයන වෙළදාම හරහාය. වර්තමානය වන විට මෙම වෙළදාම අන්තර්ජාලය හරහා සිදු කරනු ලබයි. ඒ අනුව සැපයුම්කරුවන් සොයා ගැනීම ගනුදෙනුකරුවන් සෙයා ගැනීම සියල්ල සිදුවනු ලබන්නේ අන්තර්ජාලය ඔස්සේය. එසේම ඔවුන්ට අවශ්‍ය තෙරතුරු ඉතාමත් ‍‍‍වේගවත් ලෙස ලබා ගැනීමට හැකියාව ලැබේ. සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට අන්තර්ජාලය ඔස්සේ ආනයන අපනයන වෙළදාමට පිවිස තම ව්‍යාපාර කටයුතු ඉතාමත් සාර්ථක ලෙස සිදු කිරීමය හැකියාව ලැබේ. එය වාසියක් ලෙස සදහන් කළ හැකිය. මෙමගින් ව්‍යවසායකයින්ට පමනක් නොව රටටද වාසි සහගත තත්වයත් ලෙස සදහන් කළ හැකිය. විද්‍යුත් වානිජය හරහා ඉන්වෙයිස් යැවීම ඇනවුමි කිරීම ආදී සියළු කටයුතු ඉතා සාර්ථක ලෙස ඉටු කර ගැනීමට සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට හැකියාව ලැබේ.

එපමනක් නෙව විද්‍යුත් වානිජය සමග එකතු වී පාරිභෝගික සබදතා ලෙඩනගා ගැනීමට හැකියාව ලැබේ. පාරිභෝගිකයන් අද්දවා ගැනීම ඔවුන් රදවා ගැනීම මෙන්ම ඔවුන් තුළ විස්වාසය ගෙඩනගා ගැනීම ආදී  සියල්ල විද්‍යුත් වානිජ්‍ය හරහා සිදු කළ හැකිය. පාරිභෝගිකයාට නිවසේ සිටම භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ලැබේ. එය පාරිභෝගිකයාට පහසු ක‍්‍රියා පිළිවෙතකි. පාරිභෝගික සහභාගීත්වය ලබා ගැනීමටද හැකියාව ලැබේ. ඒ හරහා දෙපාර්ෂවයේම ප‍්‍රතිලාභ වැඩි කර ගැනීමට අවස්ථාව උදා වේ.  සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට එය කදිම අවස්ථාවක් ලෙස සදහන් කළ හැකිය. පාරිභෝගික අවශ්‍යතා ඉතා ඉක්මනින් හදුනා ගැනීමට අවස්ථාව ලැබෙන අතර ඒ අවශ්‍යතා සපුරා ලමින් තම ව්‍යාපාරය දියුණු තත්වයට ගෙන ඒමට සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට  හැකියාව ලැබේ.

එසේම ඉතා    සුළු ආයෝජන ප‍්‍රමානයකින් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට වෙළඳපළ පුළුල් කර ගැනීමට විද්‍යුත් වානිජය හරහා හැකියාව ලැබේ. එසේම ඒ හරහා ජාත්‍යන්තර වෙළඳපළ සමඟ සම්බන්ධතා ඇතිකර ගැනීමට හැකියාව උදා වේ.

සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන අලෙවිකර ගැනීමට අතරමැදියෙකු අවශය වේ. එම අතරමැදියාගේ කාර්යය අන්තර්ජාලය මගින් ඉටුකරනු ලබන නිසා ඒ සදහා වැය කරනු ලබන කාලය හා මුදල් ඉතිරිකර ගත හැකිය.

එසේම  සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටද හැකියාව ලැබේ. තමන්ට අවශ්‍ය කරනු ලබන  ඕනෑම අංශයකින් තොරතුරු ලබාගත හැකිය. ඒ තුළින් ව්‍යාපාරයේ දියුණුව සදහා මංපෙත් සලසනු ලැබේ. වෘත්තීමය උපදෙස් තාක්ෂණික උපදෙස් ඒ අතර වේ.

මෙවන් විශාල කාර්යය භාර්යය රැසක් විද්‍යුත් වානිජය ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට සිදු කළ හැකිය.