බහුජාතික
සමාගම් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තර්ජන හා අභියෝග
වත්මන් සමාජය
තුළ තරඟකාරී ව්‍යාපාරික ලෝකයක් බිහිව ඇත සීමිත සම්පත් නිසිලෙස කළමනාකරණය කර
ගනිමින් මිනිසුන්ගේ අසීමිත අවශ්‍යතාවන් සපුරාලමින් සමාජයේ ආර්ථික මෙහෙවර ඉටු
කරනුයේ ව්‍යාපාර මගිනි. දිගුකාලීනව පවත්වාගෙන යමින් ලාභ ඉපයීම ව්‍යාපාරයක මුඛ්‍ය
අරමුණ වේ වාණිජ ලෝකය තුළ දක්නට ලැබෙන්නා වූ තරඟකරීත්වය දේශීය මෙන්ම විදේශීය
වශයෙන්ද දක්කට ලැබේ මෙම තරඟකාරීත්වය කාර්මික විප්ලවයත් සමඟ ආරම්භ වූවකි මෙම තරඟකාරීත්වය
ඇමරිකාව සහ යුරෝපාකරයේ ප‍්‍රබල ලෙස දක්නට ලැබේ වත්මන් වානිජ ලෝකය තුළ ප‍්‍රබල
ආධිපත්‍යයක් දරණ කොටසක් ලෙස බහුජාතික සමාගම් සඳහන් කළහැකිය. බහුජාතික සමාගමක් ලෙස
හදුන්වනු ලබන්නේ එක් රටක මූලස්ථානය පවත්වා ගෙන යමින් රටවල් රාශියක සිය වෙළඳ ආධිපත්‍ය
පවත්වාගෙන යන සමාගම්ය. උදාහරණ ලෙස යුනිලීවර්ස් සමාගමේ ශාඛා රටවල් 70ක පවතින බව සඳහන්
වේ.
බහුජාතික
සමාගමක් ආරම්භ කරනවිට විවිධ පෙළඔවීමේ දිරිගැන්වීම් හා සහනාධාර ඉල්ලා සිටි අවස්ථා
දක්නට ලැබේ. බහුජාතික සමාගමක් පිහිටුවීම තුළින් බොහෝ වරප‍්‍රසාද රාශියක් හිමිකර ගත
හැකිය. ඒ අතර කම්කරු නීති අදාළ නොවීම වෘත්තීය සමිති ආරම්භ කළ නොහැකි වීම ආදිය සඳහන්
කළ හැකිය. බහුජාතික සමාගමක් රටක පිහිටුවීම තුළින් රටකට ලබාගත හැකි වාසි රාශියක්
තිබේ. ඒ අනුව ප‍්‍රාග්ධන ඌනතා මගහරවා ගැනීමට හැකියාව ලැබේ. එපමනක් නොව වානිජ ලෝකය තුළ පවතින තරඟයට සෘජු ලෙස මුහුණ
දීමට හැකියාවක් ලැබේ. එසේම සීමිත සම්පත් යොදා ගනිමින් උපරිම නිෂ්පාදන ප‍්‍රමාණයක්
ලබා ගැනීමට හැකියාව පවතී. එසේම වත්මන් සමාජය
තුළ අධික සේවා වියුක්තියක් දක්නට ලැබෙන අතර එම සේවා වියුක්තියට පිලියමක් ලබාගත
හැක. එනම් රැකියා අවස්ථා ඇති කර ගත හැකිය. විශේෂයෙන්ම නූතන තාක්ෂණය සමඟ මුසු
වෙමින් අන්තර්ජාතික වෙළදාමට යොමුවිය හැකිය. එසේම නව කළමනාකරණ ශිල්ප අනුගමනය කළ
හැකි අතර විශේෂ ආයෝජනයද ඉහළ යනු ලැබේ.
මෙවන් වාසි
බහුජාතික සමාගම් අත්කර ගනු ලබන අතර තර්ජන
රැසකට මුහුණ දේ ඒවා මෙසේ සඳහන් කළ හැකිය.
විවිධ රජයන්
ජනතාව මුලා කිරීමේ අදහසින් ආයෝජයකින් ගෙන්වීම තර්ජනයක් ලෙස සඳහන් කළ හැකිය. රටක්
තුළ කලින් කලට පත්වන රජයන් ඔවුන්ගේ අභිවෘර්ධිය සඳහා ජනතාව රවටාලමින් විවිධ
ආයෝජකයින් ලංකාවට ගෙන්වීම තුළින් රටක් තුළ සංස්කෘතිය මෙන්ම පරිසරයද විනාශ විය
හැකිය. වෙනත් රටවල් වල පරිසරයට ඔරොත්තු දෙන දේ ලංකාවේ පරිසරයට අහිතකර විය හැකි අතර
ඒ හරහා ලංකාවේ දුර්ලභ ගනයේ සත්වයන් විනාශ වී රටේ අනන්‍යතාවයට පවා හානි කරලිය
හැකිය. එසේම ස්වභාවසෞන්දර්ය මගින් රටේ සුන්දරත්වය ගිලිහී යා හැකිය. විවිධ රජයන්
මගින් ආයෝජයකින් ගෙන්වීම තුළින් රටතුළ ආර්ථිකය අතින් විශාල ශක්තිමත් වීමක් සිදුවිය
හැකිය. කෙසේ නමුත් එම සංවර්ධනය පිටුපස සංස්කෘතිය සහ පරිසරය අධික ලෙස විනාශයට
පත්වීමට ඉඩ තිබේ. ලංකාව වැනි සුන්දර රටක් අසුන්දර වීමට බලපායි.
එසේම බහුජාතික
සමාගම් සඳහා තිබෙන තවත් තර්ජනයක් ලෙස දේශපාලන ඇ`ගිලි ගැසීම් තුළින්
සමාගම් පැවැත්මට හානිදායක වීම සඳහන් කළහැක. රටක් තුළ බලවත්ම කණ්ඩායම ලෙස දේශපාලනය
සඳහන් කළ හැකිය. දේශපාලඥයන් විසින් තම බලය අනිසි ලෙස උපයෝගි කෙට ගනිමින් රටේ සියලූ
දේ සඳහා අනවශ්‍යය ලෙස ඇගිලි ගැසීම් සිදු කරනු ලැබේ. ඔවුන්ගේ පෞද්ගලික වාසි සඳහා
මෙය හේතු වේ. ඒ අනුව බහුජාතික සමාගම් වලට දේශපාලන ඇගිලි ගැසීම් නිසා
බහුජාතික සමාගමකට ස්වාධීනව පවත්වා ගෙන යැමට නෙහැකි තත්වයක් උද්ගත වේ. ඒ
අනුව සමාගම් බිඳ වැටීමටද මෙය හේතු වේ. ඒ අනුව පෙනි යන්නේ බහුජාතික සමාගම් වලට තිබෙන ප‍්‍රබල තර්ජනයක්
ලෙස දේශපාලන ඇගිලි ගැසීම් සඳහන් කළ හැකිය.
ඒසේම බහුජාතික සමාගමකට තිබෙන තවත් තර්ජනයක් ලෙස සඳහන්
කළ හැක්කේ බහුජාතික සමාගම් තුළින් රටේ සංස්කෘතිය සහ සාරධර්ම ගිළිහීයන බවට තිබෙන
මතයයි. රටකින් රටකට ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට සාරධර්ම මෙන්ම සංස්කෘතිය වෙනස්ය. නව
සංස්කෘතිකාංග සමාජ ගතවීමටත් සමග දේශිය සංස්කෘතිකාංග සමාජගත වීමත් සමග දේශිය
සංස්කෘතිකාංග යටපත් වීමටත් මෙන්ම සාරධර්ම පිරිහීමක් දක්නට ලැබේ. රටක් තුළ පවතින
සාරධර්ම මෙන්ම සංස්කෘතිකාංග එලෙසින්ම පවත්වා ගනිමින් බහුජාතික සමාගම් වලට කටයුතු
කිරීම අපහසුය. ඒ අනුව පෙනී යන්නේ රටක සංස්කෘතිකාංග මෙන්ම සාරධර්ම පිරිහි යාමද
බහුජාතික සමාගම් වලට රටක සමාජයෙන් එල්ලවන අභියෝගයක් බවයි.
ඒසේම බහුජාතික සමාගමක පවතින තවත් තර්ජනයක් ලෙස
සේවකයන්ගේ අතෘප්තිමත්භාවය ස`දහන් කළ හැකිය. බහුජාතික සමාගම් තුළ දැඩි කි‍්‍රයාමාර්ග
මත සේවකයාගෙන් වැඩ ගැනීම සිදු වේ. මෙහිදී කාළගුණ තත්ත්වය දේශගුණ ත්ත්වය මෙන්ම ලෙඩ
රෝග ආදියද නොසලකා වැඩ ගැනීම සිදු වේ. ඒ තුළින් සේවකයා මහත් ලෙස අතෘප්තිමත්භාවයට
පත් වේ. එම නිසා සේවය හැරදා යම් සිදු වීම් වැඩි විය හැකිය. සේවකයාට සමාගම කෙරෙහි
සුභවාදී ආකල්පයක් ගොඩ නොනැගේ. ඒ අනුව සේවකයන් පිළිබද දැඩි තර්ජනයකට මුහුණ
දීමට බහුජාතික සමාගම්වලට සිදු වේ. සේවකයන්
යනු ආයතනයක ජීවරුධිරය වන් පිරිසකි.
එසේම බහුජාතික
සමාගම් නිසා ළදරු කර්මාන්ත හා සුළු කර්මාන්ත යනාදියට අහිතකර ලෙස බලපෑම් ඇති වේ.
සුළු හා මධ්‍ය
පරිමාන ව්‍යාපාර පිළිබඳව සැළකිල්ල යොමු කිරීමේදී සංවර්ධින රටවල් වල මෙන්ම සංවර්ධනය
වෙමින් පවතින රටවල් වලටද ආර්ථිකයට විශාල දායකත්වයක් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර
වලින් ලබා දේ. විශේෂයෙන් ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක දරිදාතාවයන් හා
විරැකියාව දුරු කිරීම සදහා විශාල දායකත්වයක් ලබාදෙනු ලැබේ. මහා පරිමාන
නිෂ්පාදකයින් ග‍්‍රාමීය ප‍්‍රදේශවල කර්මාන්ත ආරම්භ කිරීමට මැලිකමක් දක්වයි. ඊට
හේතුව වන්නේ යටිතල පහසුකම් රහිත වීමයි නමුත්
සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර පවත්වා ගෙන යාම සඳහා උසස් මට්ටමේ යටිතල
පහසුකම් අවශ්‍ය නෙවේ. ඒ හේතුවෙන් ප‍්‍රදේශිය සම්පත් උපයෝගී කර ගනිමින් රටේ ආර්ථිකය
නගා සිටුවීම සඳහා සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර ව්‍යවසායකයින් විශාල දායකත්වයක් ලබා දෙනු ලැබේ.
ලංකාවේ බොහෝ
ව්‍යාපාර කොළඹ කේන්දා කොට ගෙන බිහිවී තිබෙන නිසා බොහෝ ග‍්‍රාමීය ප‍්‍රදේශවල තරුණ
තරුණියන් කොළඔට පැමිණෙමින් තිබේ. ඒ තුළින් බලවත් සමාජ ගැටළුවක් නිර්මාණය වී ඇති
අතර එම සමාජ ගැටළුව බිඳලීමට ග‍්‍රාමීය ප‍්‍රදේශවල සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරවලට
හැකියාව ලැබේ. මෙම සුළු හා මධ්‍ය පරිමාන
ව්‍යාපාරවල තර්ජන හා අභියෝග රාශියකට මුහුණ දේ ඒවා මෙසේ සඳහන් කළ හැකිය.
සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර මුහුණදෙන ප‍්‍රබල
අභියෝගයක් ලෙස ප‍්‍රාග්ධන හිගකම සඳහන් කළ හැකිය. ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ප‍්‍රාග්ධනය
ලෙස යෙදා ගන්නේ තමන් සන්තක මුදලක් හෝ ණයට ලබාගත් මුදලකිනි. නමුත් ව්‍යාපාරය වර්ධනය
වීමත් සමග ප‍්‍රාග්ධන හිඟතාවයක් ඇති වේ. එවිට එම අඩුපාඩුව මගහරවා ගැනීමට සුළු හා
මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් අපහසුතාවයට ලක්වනු ලැබේ මහා පරිමාන ව්‍යාපාරයක නම්
කොටස් අලෙවි කිරීම මගින් ව්‍යාපාරයට අවශ්‍ය ප‍්‍රාග්ධනය සපයාගනු ලැබේ. නමුත් සුළු
හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ට එවන් හැකියාවක් නොමැත. එම නිසා බැංකුවකින් හෝ මූල්‍ය
ආයතනයක පිහිට පැතීමට සිදුවේ. එවන් ආයතනයකින් තම අවශ්‍යතාවය සපුරා ගැනීමට යාමේදී
අවශ්‍ය කරන ඇප සුරකුම් සපුරා ගැනීමට ව්‍යාපාරිකයාට අසීරු කටයුත්තකි. ඒ අනුව පෙනී
යන්නේ සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්
සෑම විටම ප‍්‍රාග්ධන හිඟතාවයෙන් පෙළෙන බවයි.
එසේම සුළු හා
මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් මුහුණ දෙන තවත් අභියෝගයක් නම් ආනයන ආදේශන සමග තරඟ කළ
නොහැකිවීමය. සංවර්ධිත රටවල් තාක්ෂණය උපයෝගී කෙටගෙන ඉහළ ගුණත්වයෙන් යුතුව ඉතා අඩු
මිලට වෙළඳපල ආක‍්‍රමණය කොට තිබේ ආර්ථිකය ලිහිල් කිරීමත් සමග වෙළදාමට ඇති බාධක ඉවත්
වීමත් සමගම අඩු පිරිවැයකින් ඉහළ ගුණත්වයකින් යුතු ආනයනික භාණ්ඩ විශාල ලෙස ලංකාවේ
වෙළඳපලට ගලා ඒම සිදු වේ. එම භාණ්ඩ දේශිය තාක්ෂණය ඔස්සේ නිපදවන විට ඉහළ පිරිවැයක්
දැරීමට සිදුවේ. එම නිසා දේශීය ව්‍යපාරිකයන්ට
තරඟකාරීත්වයට මුහුණ දීමට නොහැකිය. පාරිබෝගිකයාගේ ආකර්ශනය දිනා ගැකීමට අපහසුය. මේ
හේතුව නිසා සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට මහත් අසීරුතාවයකට මුහුණ දීමට
සිදුව ඇත.
එසේම සුළු හා
මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝගයක් ලෙස ව්‍යවසායකත්වය පිළිබඳ දැනුම
අඩුවීම සඳහන් කළ හැකිය. සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් ව්‍යාපාර ආරම්භ කර
පවත්වාගෙන යාමට අවශ්‍ය කළමනාකරණ දැනුම රහිතය. එම නිසා අවස්ථා හදුනා ගැනීමට
නොහැකිය. තර්ජන යටපත් කරගනිමින් තරඟකාරී ලෝකයට ඔවුන්ට මුහුණ දීමට අසීරුය එය නිසා
ව්‍යාපාර අතර මග නතර කිරීමටද සිදුවේ.
එසේම සුළු හා
මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් මුහුණ දෙන තවත් අභියෝගයක් ලෙස යටිතල පහසුකම් ප‍්‍රමාණවත්
නෙවීම සඳහන් කළ හැකිය. ශී‍්‍ර ලංකාවේ බෙහෝ යටිතල පහසුකම් නාගරී කේන්දා කොට ගෙන
බිහිව ඇත. නගරයෙන් ඈත් වන්න ඈත් වන්න යටිතල පහසුකම් අවම මට්ටමක පවතී. එම ප‍්‍රදේශවල
ප‍්‍රවාහනය සන්නිවේදනය ආදීය සදහා ඉහළ පිරිවැයක් දැරීමට සිදු වේ. මෙසේ යටිතල පහසුකම් හිගවීම නිසා තමන්ට අවශ්‍ය
දේ සපුරා ගැනීම සදහා මහත් දුෂ්කර ව්‍යායාමයක නිරත වීමට සිදු වේ. මෙයද ඔවුන් මුහුණ
දෙන ප‍්‍රධාන ගැටළුවක් ලෙස සදහන් කළ හැකිය.
සුළු හා මධ්‍ය
පරිමාන ව්‍යවසායකයින් මුහුණ දෙන තවත් අභියෝගයක් ලෙස සඳහන් කළ හැක්කේ ව්‍යාපාර
සැළසුම් නොමැති වීමයි. සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් තම ව්‍යාපාර මෙහෙයවනු
ලබන්නේ තමන්ට හිතැ`ගි ආකාරයටය ව්‍යාපාර
අයිතිකරු නොමැතිනම් ව්‍යාපාරයේ පැවැත්ම අඩාල වේ. එසේ වන්නේ ව්‍යාපාරයට ක‍්‍රමවත්
සැලැස්මක් නොමැති නිසාවෙනි. ව්‍යාපාරයට අවශ්‍ය අලෙවිකරණ, මෙහෙයුම්, කළමනාකරණ, හා මූල්‍ය
සැළස්මක් නිසි ලෙස පවත්වා ගතයුතුය. එසේ සැලැස්මකට අනුව කටයුතු කරනු ලබනවානම් ව්‍යාපාරය
උසස් දියුණු මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබේ.
ඒසේම සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් මුහුණ දෙන
තවත් අභියෝගයක් ලෙස ගෝලීයකරණ ප‍්‍රවනතාවන් කෙරෙහි සැළකිල්ලක් නොදැක්වීම ස`දහන් කළ
හැකිය. වත්මන් සමාජයේ සන්නිවේදනයේ දියුණුවත් සමග විශ්ව ගම්මානයක් බවට පත්ව තිබේ.
මේ හේතුවෙන් රටක ආර්ථිකය තාක්ෂණය සමාජය කඩිනම් වෙනස්වීම් රැසකට භාජනය වෙමින් පවතී.
මෙම වේගවත් දියුණුව නිසා වෙළඳපල තුළ නව අවස්ථා රාශියක් බිහිව ඇත. ඒවා හදුනා ගැනීම
මෙන්ම ඊට ඉක්මනින් ප‍්‍රතිචාර දැක්වීමටද ව්‍යවසායකයින් දක්ෂ විය යුතුය. මහා පරිමාන
ව්‍යවසායකයින් නම් ශඛ්‍යතා අධ්‍යයනයන් මගින් එම අවස්ථාවන්ට මුහුණ දෙනු ලැබේ. සුළු
හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට එම ශක්තිය වර්ධනය කර ගැනීමට ඉතාමත් දුෂ්කරය.
සුළු හා මධ්‍ය
පරිමාන ව්‍යවසායකයින් මුහුණ දෙන තවත් අභියෝගයක් නම් වත්මන් දියුණු තාක්ෂණය හමුවේ
දුර්වල වීම සදහන් කළ හැකිය. තවමත් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් සාම්ප‍්‍රදායික
ක‍්‍රම අනුගමනය කරනු ලැබේ. ගෝලියකරණයත් සම`ග රටවල් තුළ භාණ්ඩ නිපදවීමත් සමග අධිතාක්ෂණය
යොදා ගනු ලැබේ. එම භාණ්ඩ බෙදාහැරීම සදහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීමත් නිසා
නිෂ්පාදන පිරිවැය ඉතා අඩුය. බෙදා හැරීමේ ක‍්‍රමය වේගවත්ය. දියුණු රටවල් හා මහා
පරිමාන ව්‍යවසායකයින් යෙදා ගනු ලබන මෙම අධිතාක්ෂණය සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට
යොදා ගැනීම අපහසුය. එනම් ප‍්‍රාග්ධන හිගකම හේතුවෙනි. එම නිසා සුළු හා මධ්‍ය පරිමාන
ව්‍යවසායකයින් සාම්ප‍්‍රදායික ක‍්‍රමවේද පමණක් කි‍්‍රයාත්මක කරනු ලැබේ එම නිසා පහළ
ගුණත්වයෙන් යුතු කාර්යක්ෂමතාවයෙන් අඩු නිෂ්පාදනය වැඩි වීම යන හේතූන්ට මුහුණ දීමට සිදුවේ.
සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් මුහුණ දෙන
තවත් අභියෝගයක් වන්නේ ඔවුන්ගේ අවධානය රැදී පවතින්නේ ආසන්න ප‍්‍රදේශ කිහිපයකට පමණි.
ජාතික මට්ටමින් හෝ අන්තර්ජාතික මටිටමින් වෙළඳපෙල ග‍්‍රහණය කර ගැනීමට ඔවුන් තුළ
උනන්දුවක් නොමැත. ජාත්‍යන්තර වෙළඳපල සමඟ ගනුදෙනු කිරීමේදී ඊට අදාළ නීතිරිති ක‍්‍රමවේදයන්
පිළිබඳ අඩු දැනුමක් පැවතීමද තර්ජනයක් ලෙස සඳහන් කළ හැකිය.
සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට වෘත්තීය
නිපුණතාවයෙන් යුතු සේවකයන් සොයා ගැනීම සහ ඔවුන් ව්‍යාපාරය තුළ රඳවා ගැනීමට නොහැකි
වීමද තර්ජනයක් ලෙස ස`දහන් කළ හැක.
වෘත්තීය නිපුණතාවයෙන් යුතු සේවකයන් මහා පරිමාන ව්‍යාපාරයන්ට සහභාගීවන බැවින් සුළු
හා මධ්‍ය පරිමාන ව්‍යාපාර සමඟ එකතු වීමට කැමැත්ත අඩුය.
ඉහත සඳහන් ආකාරයට බහුජාතික සමාගම් හා සුළු හා මධ්‍ය
පරිමාන ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝග සහ තර්ජන මෙසේ විස්තර කළ හැකිය