Wednesday, March 2, 2016

සිංහල සිනමා ශාලාවන් වැසීයාම

සිංහල සිනමා ශාලාවන් වැසීයාම පිළිබඳ ග‍්‍රාමීය තරුණ ප‍්‍රජාවගේ ආකල්පය


වර්තමානය වන විට දක්නට ලැබෙන ප‍්‍රවණතානක් ලෙස සඳහන් කල හැක්කේ දිනෙන් දින සිනමා ශාලාවන් වැසී යාමයි. එනම් සිනමා ශාලාවන් සඳහා ඇදී යන පේ‍්‍රක්ෂක ප‍්‍රමාණය ඉතා සීමිත වීමයි. ඊට හේතු සොයා බැලීම ඉතා වැදගත් වේ. එකළ බොහෝ ප‍්‍රදේශ වල  සෑම නගරයකම පාහේ සිනමාශාලා කිහිපයක් විය. චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනය වන කාල සීමාෙවි එම ශාලාව උතුරා යන පිරිසකගෙන් සමන්මිත විය. නමුත් වර්තමානය වන විට සිනමා ශාලාවල පේ‍්‍රක්ෂක පිරිස අසුන් කිහිපයකට පමනක් සීමා වී තිබේ. වයස් භේදයකින් තොරව චිත‍්‍රපට නැරඹීම සඳහා පේ‍්‍රක්ෂකයන් ඇදී ගියේ විනෝදාස්වාදයක් ලබා ගනිමින් සිතේ පීඩාව මෙන්ම කාන්සිය දුරු කරවා සමාජාවබෝධය ලබා ගැනීමේ අභිප‍්‍රයෙනි. ග‍්‍රාමීය තරුණයන්ගෙන්ද තම මිතුරු රංචු පිටින් සිනමා ශාලාවන්ට ඇදී ගියේ අපූර්ව වින්දනයක් ලබා ගැනීමටය. හුදකලා බවින් මිදී මිත්ත‍්‍රවය තහවුරු කරමින් සිනමා ශාලාවේ අසුන් ගත් ග‍්‍රාමීය තරුණ රැළ වත්මනේ ජංගම දුරකතනයේ හෝ පරිගණක තිරයේ දිස්වන චිත‍්‍රපටය දෙස තම දැස දිගු කරමින් පවතී.

මේ අකාරයට සිනමා ශාලාව වෙත ග‍්‍රාමීය තරුණයන් ඇදී නොයෑම පිළිබඳව ඔවුන්ගේ මතය වන්නේ තමන්ට අවශ්‍ය විටකදී  ඕනෑම වෙලාවකදී මෙන්ම  ඕනෑම ස්ථානයකදී ඉතා පහසුවෙන් නැරඹීමට පරිගනකයෙන් සහ ජංගම දුරකතනයෙන් හැකි වීමයි. එසේම කැමති ඉරියව්වකින් සිටිමින් නැරඹීමට හැකි අතර වෙනත් කෙනෙකුගේ මැදිහත් නොවීමද වාසියක් ලෙස ඔවුන්ගේ මතය වේ. එසේම සිනමා ශාලාවකට ගිය විට තමන්ට අකමැති කොටසක් තිබේනම් ඒවා නැරඹීමට කාලය වෙන් කිරීමට සිදු වන අතර නව මාධ්‍ය ඔස්සේ නැරඹීෙමීදී අකමැති කොටස් මඟ හරවමින් නැරඹීමට හැකි බවත් කැමති කොටස් නැවත නැවත බැලීමට නිදහස තිබෙන බව තරුණ මතය වේ. මෙවන් අවස්ථාවන් සිනමා ශාලාව තුළ නොමැති නිසා ඊට සහභාගී වීමට තරුණයන් වත්මනේ ප‍්‍රතික්ෂේප කරන බව ඔවුන්ගේ මතයයි.

එසේම සිනමා ශාලාව තුළ චිත‍්‍රපටය නැරඹීම සඳහා යම් වේලාවක් කැප කිරීමට සිදුවනු ලබන අතර එම වේලාවේම එය නැරඹිය යුතුය. නමුත් නව මාධ්‍ය ඔස්සේ නැරඹීම සඳහා නිශ්ච්ත වේලාවක් අවශ්‍ය නොමැත.  ඕනෑම වේලාවකදී නැරඹිය හැකි අතර  ඕනෑම ස්ථානයකින් නතර කර වෙන ක‍්‍රියාවක් සිදු කොට නැවත පැමිණ නතර කරන ලද ස්ථානයේ සිට නැවත බැලීමට හැකියාව ලැබේ. නමුත් එවන් හැකියාවක් සිනමා ශාලාවන්ට හිමි නොවේ.

එසේම නව මාධ්‍ය ඔස්සේ නරඔන විට තමන් කැමති  ඕනෑම චිත‍්‍රපටයක් නැරඹීමට හැකියාව ලැබේ. නමුත් සිනමා ශාලාවට ගිය විට එම කාලයේ ප‍්‍රදර්ශනය වන පටය නැරඹීමට සිදු වේ. එම නිසා තරුණ ප‍්‍රජාව තමන්ගේ පහසුව කාලය මෙන්ම මුදල් ගැන සලකා බලන විට සිනමා ශාලාවකට ගොස් නරඔනවාට වඩා නව ප‍්‍රවණතා යටතේ ජංගම දුරකතනයෙන් හෝ පරිගනකයෙන් නැරඹීම වඩාත් උච්ත බව ඔවුන්ගේ මතය වේ.

ග‍්‍රාමීය තරුණ තරුණියන් 50 දෙනෙකුගෙන් ලබා ගත් දත්ත වලට අනුව චිත‍්‍රපට නැරඹීම පිළිබඳ රුචිකත්වය පහත පරිදි විය

මාධ්‍ය              සංඛ්‍යාව

සිනමාශාලා          05

දුරකතනයෙන්         12

පරිගණකයෙන්       33

 

ඒ අනුව පෙනී යන්නේ ග‍්‍රාමීය තරුණ තරුණියන් සිනමා ශාලාවට ඇදී යාමේ ප‍්‍රවනතාව ඉතා සීමිත බවක් නව මාධ්‍ය තුළින් නැරඹීමේ කැමැත්ත ඉතා ඉහළ බවත්ය. ඒ අනුව පැහැදිලි වන්නේ නව මාධ්‍ය කෙරේ බැදීම වැඩි වී සාම්ප‍්‍රධායික මාධ්‍ය තුළින් ඉවත් වී ඇති බවයි.

No comments:

Post a Comment