Wednesday, March 2, 2016

මාධ්‍යවේදීන්ගේ භාෂාහැසිරවීම


වත්මන් මාධ්‍යවේදීන්ගේ භාෂාහැසිරවීමේ විලාශය


තොරතුරු පිපාසයෙන් සිටින ජනතාව වෙත තොරතුරු රැගෙන යාමේ කාර්යයෙහි නිරත වන්නේ මාධ්‍යවේදීන් විසිනි. ඔවුන් තම සන්නිවේදන කාර්යේදී ප‍්‍රබලව යොදා ගනු ලබන මෙවළම භාෂාවයි.  ඕනෑම භාෂාවක් සදහා වෙන්වු නීතිරීති පද්ධතියක් ඇත. සමාජය තුළින් පිළිගත් සංස්කෘතියක් ඇත. එම නීතිරිති පද්ධතියකට සංස්කෘතියට ගැලපෙන ආකාරයෙන් භාෂාව හැසිරවීම සිදුකළ යුතුය. එය මිනිසාගේ හැදියාව මනින සාධකයක් ලෙසද හදුන්වා දීමට හැකිය. මෙය සමාජයේ එක් පුද්ගල කෙට්ඨාසයකට පමනක් නොව සියලූදෙනාටම අදාළ වේ. ඒ අනුව ජනමාධ්‍යවේදීන්ට විශේෂිත වේ. ග‍්‍රහකයා සහ මාධ්‍ය එකිනෙකට බැඳලනු ලබන හූය වන්නේ භාෂාවයි.

වත්මන් නාලිකාවල සේවය කරන නිවේදකයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී භාෂාවේ විනාශයට මං පාදයි. වචන නිවැරදි ලෙස උච්චාරණය කිරීම සිදු නොවේ. භාෂාවක දිගු කාලීන පැවැත්ම තහවුරු වීමට නම් නිසි උච්චාරණයක් මෙන්ම නිවැරදිව භාෂා හැසිරවීම සිදු කළ යුතුය. පුවත්පතක වාර්තා කිරීමේදී නම් ලේඛන භාෂාව පිළිබඳ විශේෂ සැළකිල්ලක් යොමු කල යුතුය. ව්‍යාකරණ නිසි ලෙස භාවිතා කළ යුතුය. එසේ නොවන්නේ නම් එය අධ්‍යනය කරනු ලබන ළමුන්ගේ අධ්‍යාපනයට පවා තර්ජනයක් විය හැකිය. සමාජයේ සිටින ලෙකු කුඩා භේදයකින් තොරව මාධ්‍යට ලැදි බැවින් මාධ්‍ය වාර්තා කියවීමෙන් ඔවුන්ගේ දැනුම පුළුල් කර ගැනීමට බලාපොරොත්තු වේ. නමුත් මාධ්‍යවේදීන්ගේ භාෂාව නිසියාකාරව මෙහෙය වන්නේ නොමැති නම් ග‍්‍රහකයාද එය එලෙසින්ම ග‍්‍රහණය කරගනු ලබන නිසා ග‍්‍රහකයා නොමඟ යැවීමක් සිදුවේ. එසේ නොවන්නේ නම් එය සමාජයට ද කරනු ලබන අසාධාරණයක් මෙන්ම භාෂව විනාශ කරනු ලබන මෙහෙයක් ලෙසින්ද මෙය හදුන්වා දීමට හැකිය. එම නිසා නිවැරදි අක්ෂර වින්‍යාසය පිළිබඳ වාක්‍ය රටාවන් පිළිබඳ විධිමත් පුළුල් දැනුමකින් මාධ්‍ය වේදීන් සන්නද්ධ විය යුතුය. එවිට අර්ථ සම්පන්න ලෙස තම වෘත්තියේ නිවැරදි ලෙස හැසිරීමට අවස්ථාව උදාවනු ලැබේ.

එසේම ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය පිළිබඳව අවධානය යෙමු කිරීමේදී පාඨකයාට වඩාත් හොදින් මතකයට කාවදින මාධ්‍යක් ලෙසින් හදුන්වා දීමට හැකිය. එම නිසා ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවේදීන් භාෂාව පිළිබඳ නිරන්තර විමසිලිමත් භාවයකින් සිටිය යුතුය. සමාජයේ යහපත් පැවැත්ම ඉදිරියට ගෙන යාමේ වගකීම රදා පවතින්නේ ඔවුන් සතුව වීම ඊට ප‍්‍රධාන හේතුවයි. මාධ්‍යවේදීන්ගේ භාෂා හැසිරම අනුකරණය කිරීමට සමාජයේ බෝහෝ පිරිස් පෙළඹී තිබේ. එය සමාජ රැල්ලන් ලෙස පවතී. එම නිසා ඒ පිළිබඳ සැළකිලිමත් වෙමින් භාෂාව නිසි ලෙස හැසිරවීමට සියළු මාධ්‍යවේදීන් වගබලා ගත යුතුය.     

No comments:

Post a Comment