Wednesday, March 2, 2016

විද්‍යුත් වාණිජය භාවිතාව


විද්‍යුත් වාණිජය භාවිතාවන් හමුවේ සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකත්ව
කාර්යය භාර්යය

ඈත අතීතයේ වෙළදාම භාණ්ඩ හුවමාරුව සමග සිදුවිය. පසුව එය මුදල් මත සිදුවන අතර වර්තමානයේ විද්‍යුත් වානිජ්‍ය බිහිවී ඇත. විද්‍යුත් වානිජ්‍ය බිහිවීමත් සමග ව්‍යවසායකයින්ට ඉතාවිශාල පහසුකම් රාශියක් හිමි වී තිfබි. එමගින් ඔවුන්ගේ කටයුතු ඉතා සාර්ථකව මෙන්ම කාර්යක්ෂම ලෙස ඉටු කිරීමට හැකියාව ලැබී ඇත.

 සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට තම ව්‍යාපාරය දියුණු මට්ටමකට ගෙන ඒමටනම් තම ව්‍යාපාර වටපිටාවට අවශ්‍ය සියළු තොරතුරු ගැන අවධානයෙන් සිටිය යුතුය. ඒ අනුව එම තොරතුරු ඒකරාශී කර ගැනීමටනම් විද්‍යුත් වානිජය උපකාරීවේ. තම වෙළදාමට අවශ්‍යකරන තර`ගකාරීත්ව තොරතුරු ඊට මුහුණ දිය හැකි ක‍්‍රම ආදී විශාල තොරතුරු ප‍්‍රමාණයක් ලබා ගැනීමට ව්‍යවසායකයාට හැකියාව ලැබෙන්නේ විද්‍යුත් වානිජය බිහිවීමත් සමගය.

එපමණක් නොව විද්‍යුත් වානිජය නිසා සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර ගැන යහපත් අලෙවිකරණ ප‍%චාරණයක් ඇති කිරිමට හැකියාව ලැබේ. වර්තමානයේ 90% පිරිසම නව මාධ්‍ය සමග රැදී සිටි ඔවුන් තම අවශ්‍යතා රාශියක්ම නව මාධ්‍ය සමග එකතුවී කටයුතු කරනු ලැබේ. එම නිසා ව්‍යවසායෙකුට සාර්ථක අලෙවිකරණ ප‍්‍රචාරණයක් සිදු කිරීමට විද්‍යුත් වානිජය මගින් හැකිය. ඒ අනුව  විද්‍යුත් වානිජය  තුළ පාරිභෝගික ආකර්ෂණය දිනා ගන්නා ලෙස අලෙවි ප‍්‍රදර්ශන කටයුතු සකස් කිරීමට ව්‍යවසායකයාට කටයුතු කළ යුතුය. එවිට සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට සාර්ථක ව්‍යාපාර කටයුතු සිදු කළ හැකිය.

එසේම සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට විද්‍යුත් වානිජය තුළ සිදු කළහැකි තවත් කටයුත්තක් ලෙස සදහන් කල හැක්කේ නව වෙළ`දපලක් සදා ගැනීමට හැකියාව ලැබීමය. එනම් වර්;මානය වන විට වෙළදාම් වැඩි ප‍්‍රමාණයක් සිදු වනු ලබන්නේ අන්තර්ජාලය හරහාය. එම නිසා සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට නව වෙළ`දපළක් ආරම්භ කිරිමට හැකියාව ලැබේ.

ඒසේම විද්‍යුත් වානිජය මගින් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට  ලැබෙන තවත් වාසියක් ලෙස සදහන් කළ හැක්කේ තම ව්‍යාපාරය දියුණු කර ගැනීම සදහා අවශ්‍ය කරන සබ`oතා ඇතිකර ගැනීමට හැකියාවක් ලැබීමයි. ව්‍යාපාරයක් සිදුකර ගෙන යාමේදී හුදකලාව සිදු කළ නොහැකිය. විවිධ පුද්ගලයන් සමග විවිධ ආයතන සම`ග විවිධා කාරයෙන් සබ`දතා ගෙඩනගා ගැනීමට සිදු වේ. එම සබ`දතා ගෙඩනගා ගැනීමට හෙදම සහ විධිමත් ක‍්‍රමය ලෙස  විද්‍යුත් වානිජය සදහන් කළ හැකිය. එය ව්‍යාපාරයේ දියුණුව සදහා වර්තමානයේ සෑම ආයතනයක්ම නව මාධ්‍ය සමග එක් වී ඇත. එම නිසා ආයතන අතර සම්බන්ධතා ගොඩනැගීමට ද සුදුසු ක‍්‍රමය ලෙස මෙය සදහන් කළ හැකිය

එසේම ආයතනයට අවශ්‍ය කරනු ලබන සේවකයන් සොයා ගැනීමද ව්‍යවසායකයන්ට පහසු ක‍්‍රමයක් ලෙස විද්‍යුත් වානිජය හදුන්වා දිය හැකිය. වත්මන් සමාජය සමග සබදතා ගෙඩනගා ගත හැකිය. එසේම කුසලතාවයෙන් හෙබි  සේවක පිරිසක් සෙයා ගැනීමට නව මාධ්‍ය තුළන් හැකියාව ලැබේ. මෙයද සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට විද්‍යුත් වානිජය තුළින් ලැබිය හැකි හොදම අවස්ථාවක් ලෙස සදහන් කළ හැකිය.

මීට අමතරව ව්‍යාපාර දෛනික කටයුතු පහසු කර ගැනීමටද උපකාරී වේ. එනම් විවිධ බිල්පත් ගෙවීම සදහා බැංකුවල කාලය කා දමන්නට අවශ්‍ය නැත. එම සියළු කටයුතු විද්‍යුත් මාධ්‍යට සම්බන්ධ වීමෙන්  සිදු කර ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව බලන කළ ව්‍යවසායකයන්ගේ දෛනික කටයුතු  පහසු වේ.

සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට විද්‍යුත් වානිජය හරහා තමාට අවශ්‍ය කරන දේ මිලදී ගැනීමට හැකියාව ලැබේ. තම නිෂ්පාදනය සදහා අවශ්‍ය කරන්නා වු අමුද්‍රව්‍ය ඉතා පහසු මිලකට විද්‍යුත් වානිජය ඔස්සේ ලබා ගැනීමට හැකියාව ලැබේ. මෙසේ අඩු මිලට අමු ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකි නිසා පාරිභෝගිකයාට පහසු මිලකට ලබා දීමට සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට හැකියාව ලැබේ.

එසේම    සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට අවශ්‍ය නීත්‍යානුකූල ලිපි ගනුදෙනු කිරිමටද විද්‍යුත් මාධ්‍ය ඔස්සේ හැකියාව ලැබේ. මෙය පහසු කි‍්‍රයා පිළිවෙතකි. එසේම විස්වාසවන්ත ලෙස මෙම නීත්‍යානුකූල ලිපි හුවමාරු කර ගැනීමට අවස්ථාව උදාවේ.

ඒසේම වර්තමානය තුළ ආනයන හා අපනයන වෙළදාම ඉතාමත් ඉහළ මට්ටමක පවතී. ලංකාවට විශාල විදේශීය මුදලක් ගලා එනු ලබන්නේ මෙම ආනයන අපනයන වෙළදාම හරහාය. වර්තමානය වන විට මෙම වෙළදාම අන්තර්ජාලය හරහා සිදු කරනු ලබයි. ඒ අනුව සැපයුම්කරුවන් සොයා ගැනීම ගනුදෙනුකරුවන් සෙයා ගැනීම සියල්ල සිදුවනු ලබන්නේ අන්තර්ජාලය ඔස්සේය. එසේම ඔවුන්ට අවශ්‍ය තෙරතුරු ඉතාමත් ‍‍‍වේගවත් ලෙස ලබා ගැනීමට හැකියාව ලැබේ. සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට අන්තර්ජාලය ඔස්සේ ආනයන අපනයන වෙළදාමට පිවිස තම ව්‍යාපාර කටයුතු ඉතාමත් සාර්ථක ලෙස සිදු කිරීමය හැකියාව ලැබේ. එය වාසියක් ලෙස සදහන් කළ හැකිය. මෙමගින් ව්‍යවසායකයින්ට පමනක් නොව රටටද වාසි සහගත තත්වයත් ලෙස සදහන් කළ හැකිය. විද්‍යුත් වානිජය හරහා ඉන්වෙයිස් යැවීම ඇනවුමි කිරීම ආදී සියළු කටයුතු ඉතා සාර්ථක ලෙස ඉටු කර ගැනීමට සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට හැකියාව ලැබේ.

එපමනක් නෙව විද්‍යුත් වානිජය සමග එකතු වී පාරිභෝගික සබදතා ලෙඩනගා ගැනීමට හැකියාව ලැබේ. පාරිභෝගිකයන් අද්දවා ගැනීම ඔවුන් රදවා ගැනීම මෙන්ම ඔවුන් තුළ විස්වාසය ගෙඩනගා ගැනීම ආදී  සියල්ල විද්‍යුත් වානිජ්‍ය හරහා සිදු කළ හැකිය. පාරිභෝගිකයාට නිවසේ සිටම භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ලැබේ. එය පාරිභෝගිකයාට පහසු ක‍්‍රියා පිළිවෙතකි. පාරිභෝගික සහභාගීත්වය ලබා ගැනීමටද හැකියාව ලැබේ. ඒ හරහා දෙපාර්ෂවයේම ප‍්‍රතිලාභ වැඩි කර ගැනීමට අවස්ථාව උදා වේ.  සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට එය කදිම අවස්ථාවක් ලෙස සදහන් කළ හැකිය. පාරිභෝගික අවශ්‍යතා ඉතා ඉක්මනින් හදුනා ගැනීමට අවස්ථාව ලැබෙන අතර ඒ අවශ්‍යතා සපුරා ලමින් තම ව්‍යාපාරය දියුණු තත්වයට ගෙන ඒමට සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට  හැකියාව ලැබේ.

එසේම ඉතා    සුළු ආයෝජන ප‍්‍රමානයකින් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට වෙළඳපළ පුළුල් කර ගැනීමට විද්‍යුත් වානිජය හරහා හැකියාව ලැබේ. එසේම ඒ හරහා ජාත්‍යන්තර වෙළඳපළ සමඟ සම්බන්ධතා ඇතිකර ගැනීමට හැකියාව උදා වේ.

සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන අලෙවිකර ගැනීමට අතරමැදියෙකු අවශය වේ. එම අතරමැදියාගේ කාර්යය අන්තර්ජාලය මගින් ඉටුකරනු ලබන නිසා ඒ සදහා වැය කරනු ලබන කාලය හා මුදල් ඉතිරිකර ගත හැකිය.

එසේම  සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටද හැකියාව ලැබේ. තමන්ට අවශ්‍ය කරනු ලබන  ඕනෑම අංශයකින් තොරතුරු ලබාගත හැකිය. ඒ තුළින් ව්‍යාපාරයේ දියුණුව සදහා මංපෙත් සලසනු ලැබේ. වෘත්තීමය උපදෙස් තාක්ෂණික උපදෙස් ඒ අතර වේ.

මෙවන් විශාල කාර්යය භාර්යය රැසක් විද්‍යුත් වානිජය ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට සිදු කළ හැකිය. 

No comments:

Post a Comment