ගෝලීයකරණයේ
හිතකර ලක්ෂණ හා අහිතකර ලක්ෂණ
චන්ද්‍රිකා
තාක්ෂණය ඉන්ටර්නෙට් ජාලය වැනි සන්නිවේදන මාධ්‍යන්ගේ බලමහිමයෙන් මුළු ලෝකයම එකම
විශ්ව ගම්මානයක් බවට පත්වී තිබේ. මාෂල් මැක්ලූහන් විශ්ව ගම්මාන සංකල්පය ප්‍රචලිත
කළ සන්නිවේදකයා ලෙස සැලකේ. රුහැන් රහිත සන්නිවේදනය දියුණුවීම, විද්‍යුත්
වාණිජ්‍ය බිහිවීම, ජාත්‍යන්තර
සංචාරක කර්මාන්තය පුළුල්වීම. ගෝලීයකරණය සමඟ සිදුවිය ගෝලීයකරණයේ විශේෂ ලක්ෂණයක්
වන්නේ ජාතික බවෙන් ඔබ්බට ව්හිදී යාමයි. 16 වැනි සියවසසේ වෙළදාම දියුණු වීමත් සමඟ නූතන
ගෝලීයකරණය පිළිබඳ පදනම යෙදිණි.
යම් සදහා
සන්නිවේදනය ප්රමුඛස්ථානයක් ගනී. යුරෝපය සමඟ පොත්පත් හා වෙනත් සන්නිවේදන ද්‍රව්‍යන්
හුවමාරු කර ගැනීම නිසා දැනුම් හුවමාරුවක්ද මෙම කලාප දෙක අතර සිදු විය. මුහුදු අභ්‍යන්තරයේ
කේබල් ඇදීම නිසා ලන්ඩන් හා නිව්යෝක් වෙළදපල අතර එසැණින් තොරතුරු හුවමාරුව සිදු
විය. ගෝලීයකරණය විවිධ ආකාරයෙන් මනිනු ලැබේ. එකපුද්ගල ආදායම ගෝලීයකරණය මනිනු ලබන
මිනුම් දණ්ඩක් ලෙස සඳහන් කළ හැකිය. ලෝකයක් එකට ඒකරාශි කරනු ලබන ගෝලීයකරණයේ හිතකර
ලක්ෂණ මෙන්ම අහිතකර ලක්ෂණද රාශියක් දැක ගැකීමට හැකිය.
ගෝලීයකරණය තුළ
දක්නට ලැබෙන හිතකර ලක්ෂණ ලෙස අන්තර්ජාතික වෙළදාම දියුණු වීම සදහන් කළ හැකිය. මුල්
කාලීනව වෙළදාම එක් රටකට පමණක් සීමා වී තිබුණි.
නමුත් සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමඟ එක් රටක තොරතුරු තවත් රටකට හුවමාරු
කර ගැනීමට හැකියාවලැබුණි. ඒ හරහා බොහෝ සෙයින් වෙළඳ තෙරතුරු මෙන්ම වෙළඳ ගනුදෙනු
ඉතාමත් පුළුල් විය. උදාහරණ ලෙස මුහුදු අභ්‍යන්තරය හරහා කේබල් ඇදීම හේතුකොට ගෙන
ලන්ඩන් සහ නිවයෝක් වෙළදපළ අතර එසැන තොරතුරු හුවමාරුවක් සිදු විය. ලෝකයේ කාර්මික හා
ව්‍යාපාරික ක්ෂේත්රයේ ඉහළම ආදායම් උපයන ඇමරිකාවේ අන්තර්ජාලය මගින් සිදුකරන
වෙළදාම සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවති. ඇමරිකාවේ බොන්ස්ටන් විශ්ව විද්‍යාලයේ
අන්තර්ජාල විශ්ෂඥයෙකු වන මේරි ක්‍රෝනින් පවසන්නේ අන්තර්ජාලය යනු ව්‍යාපාරික කටයුතු
මහා පරිමානයෙන් වඩා සාර්ථකව ඉටුකර ගත හැකි සන්නිවේදන මාධ්‍යක් බවයි. IBM ආයතනය තම විශේෂඥයන්
හා සේවා සපයන්නන් පාරිභෝගිකයන් සමඟ ගනුදෙනු කරන්නේ අන්තර්ජාලය ඔස්සේය. විවිධ ආයතන
කොටස් වෙළදපල හා සම්බන්ධ වී අදළ මුදල් ආයොජනය කිරීම්ද සිදු කරනු ලබන්නේ අන්තර්ජාලය
ඔස්සේය. IBM ආයතනය විසින් 2002 වර්ෂයේදී
ඉදිරිපත් කරන ලද the goloble report
වාර්තාවට අනුව 2000 වර්ෂයේදී ඇමරිකානු
එක්සත් ජනපද අන්තර්ජාල වෙළදාම ඇමරිකානු ඩොලර් බිලියන 161 ඉක්මවා ගොස්
තිබේ. එය ජාත්‍යන්තර වෙළදාමෙන් 69%ක ඉහළ ප්‍රතිශතයක් ගනී. 2003 වන විට
ඇමරිකාවේ අන්තර්ජාල වෙළදාම බිලියන 851වනු ඇතැයි ගණන් බලා
තිබේ.
ගෝලීයකරණය තුළ
දක්නට ලැබෙන තවත් හිතකර ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැක්කේ අනවශ්‍ය ලෙස කාලය අපතේ
නොයැමයි. ගෝලීයකරණයත් සමඟ අවශ්‍ය කරන විවිධ තෙරතුරු නිවසේදීම ඉතාමත් ඉක්මනින් ලබා
ගැනීමට හැකියාවක් ලැබේ. තොරතුරු ලබා ගැනීමට විවිධ ස්ථානවල කාළය මිඩන්ගු කිරීමක්
අවශ්‍ය නැත ඒ අනුව කාලය ඉතිරි වීමද ගෝලීයකරණය තුළ දක්නට ලැබෙන හිතකර ලක්ෂණ ලෙස
සදහන් කළ හැකිය.
ගෝලියකරණය තුළ
දක්නට ලැබෙන තවත් හිතකර ලක්ෂණයක් ලෙස හදුන්වාදිය හැක්කේ නව රැකියා මාර්ග බිහි
වීමයි. ආසියානු කලාපයේ තොරතුරු තාක්ෂණ භාවිතයේ සාර්ථකම ව්‍යාපෘති බොහෝමයක්
ඉන්දියාව තුළ කි‍්‍රයාත්මක වේ. විවිධ ආකාරයේ ව්‍යාපාර හදුන්වා දෙමින් ලාභ ලැබිය
හැක. එසේම පවත්වා ගෙන යනු ලබන ව්‍යාපාරයක් ප්‍රසිද්ධ කිරිම සදහා ද ගෝලීයකරණය තුළින් සිදු කළ හැකිය. බොහෝ පිරිස් වර්තමානය තුළ
අන්තර්ජාතික වශයෙන් වෙළදාම තුළ නිරතවී තිබේ. උදාහරණයක් ලෙස ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර
ප්‍රන්තයේ කෘෂිකර්මාන්ත අතින් ස්වයංපෝෂිත ප්‍රදේශවල කෘෂි නිෂ්පාදන අලෙවිකර ගැනීම
සඳහා අන්තර්ජාලය භාවිතා කරයි. එසේම කිරි වෙළදුන් උක් වෙළදුන් සෘජුවම අන්තර්ජාලය
හරහා යුරෝපීය ගැනුම්කරුවන්ට තම නිෂ්පාදන අලෙවි කරයි. මෙසේ කෘෂිනිෂ්පාදන හා කිරි
සාධාරන මිලකට අලෙවිකර ගැනීමට මෙන්ම එම නිෂ්පාදන වඩා උසස් තත්වයෙන් නිෂ්පාදනය
කිරීමට අවශ්‍ය උපදෙස්ද අන්තර්ජාලය මගින් ලබා ගැනීම සිදු කරනු ලබයි. ඒ අනුව රැකියා
අවස්ථා උත්පාදනය ගෝලීයකරණය හිතකර ලක්ෂණයක්
ලෙස සදහන් කළ හැකිය.
ගෝලීයකරණය තුළ
දක්නට ලැබෙන තවත් හිතකර ලක්ෂණයක් වන්නේ තම නිෂ්පාදන අලෙවිකර ගැනීම සදහා වෙළදපළ
සෙයා ගැනීමට ව්‍යාපාරිකයින්ට හැකියාව ලැබීමයි. ගෝලීයකරණය හරහා මෙය ඉතාමත් සාර්ථක
ලෙස ඉටු වේ.
එසේම ගෝලීයකරණය
තුළ දක්නට ලැබෙන තවත් හිතකර ලක්ෂණයක් ලෙස සදහන් කළ හැක්කේ දෛනික කටයුතු පහසු
කිරීමයි. තමාට අවශ්‍ය කරන දේ නිවසටම ගෙන්වා ගත හැකිය. විදුලිබිල් ගෙවන්නට බැංකු
කටයුතුද අන්තර්ජාලය හරහා සිදු කිරීමය හැකියාව ලැබේ. ඒ තුළින් දෛනික කටයුතු පහසු
කරනු ලැබේ.
ගෝලීයකරණය තුළ
දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් වන්නේ සාම්ප්‍රදායික ක්‍රමවලින් මිදී නුතන තාක්ෂණයට
හුරු වීමට හැකිවීමයි. සාම්ප්‍රධායික ක්‍රම
හරහා ව්‍යවසායකයන්ට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරිමට අධික පිරිවැයක් දැරීමට සිදුවේ.
නමුත් නූතන තාක්ෂණ දැනුම ගෝලීයකරණය තුළින් ලබා ගැනීමට හැකිවීම නිසා සාම්ප්රධායිකත්වයට
කෙටු නොවී නව තාක්ෂණය හා මුසු වෙමින් නවෝත්පාදන සිදු කරමින් අඩු පිරිවැයකින් ඉහළ
ගුණත්වයකින් යුතුව නිෂ්පාදන පාරිබෝගිකයා වෙත ලබා දීමට හැකියාව උදාවනු ලැබේ. යල්පැන
ගිය සාම්ප්‍රදායිකත්වයෙන් මිදීමට මෙය කදිම අවස්ථාවකි.
වේගවත්
සන්නිවේදන ජාලයක් බිහිවීමද මෙහි දක්නට ලැබෙන හිතකර ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැකිය.
ව්‍යවසායකයෙකුට අවශ්‍ය තොරතුරු ඉක්මනින් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසේ. වේගවත්
බව මෙන්ම විශ්වසනීය වශයෙන් යුතුව තොතුරු හුවමාරු කර ගැනීම සිදුවේ. ඒ හරහා තම ව්‍යාපාරය
දියුණු වීම කෙරෙහිද විශාල ලෙස බලපානු ලැබේ. ඒ අනුව එයද හිතකර ලක්ෂණයක් ලෙස හදුන්වා
දිය හැකිය.
ගෝලීයකරණයේ
හිතකර ලක්ෂණ මෙන්ම අහිතකර ලක්ෂණද රාශියක් දක්නට ලැබේ ඒවා මේසේ සාකච්ජා කළ හැකිය.
සංස්කෘතිය පිරිහි යාම ඉන් එක් ලක්ෂණයක් ලෙස සදහන් කළ හැකිය. එක් රටක ආවේණික වු
සංස්කෘතිකාංග දක්නට ලැබේ. ගෝලීයකරණය සමඟ සියළු රටවල් ඒකරාශි වීමෙන් සංස්කෘතිකාංග
මිශ්‍ර වීමක් දක්නට ලැබෙන අතර ඒ හරහා දේශීය සංස්කෘතිය යටපත් වීමක් සිදුවේ. ඒසේම
දේශීය සංස්කෘතිය නොසලකා හැර බටහිර සංස්කෘතිකාංග ඉතා ඉක්මනින් වැළඳ ගැනීම සිදු වේ.
එම නිසා සංස්කෘතිය විනාශ වී යාමක් සිදුවේ.
ගෝලීයකරණය
තුළින් සිදුවන තවත් අහිතකර ලක්ෂණයක් ලෙස සදහන් කළ හැක්කේ සිංහල භාෂාව යටපත් වීමයි.
දේශීය භාෂාව යටතේ අන්තර්ජාලයට පිවිස වෙළඳ ගනුදෙනු කිරිමට නෙහැකිය. එහිදී ඉංග්‍රිසි
භාෂාව ආදිපත්යක් දරනු ලබන අතර දිනෙන් දින ඉංග්‍රිසි භාෂාව වියපත් වෙමින් පවතී.
එයද අහිතකර ලක්ෂණයක් ලෙස සදහන් කළ හැකිය.
හොදයි දිගටම ලියන්න
ReplyDeleteගොඩක් වැදගත්.
ReplyDeleteThank you ...
ReplyDeleteThanks..
ReplyDeleteගෝලීයකරණයේ අවාසි වැඩී. ඒ ගැන තවත් ලියුවා නම් වඩා සාර්ථකයි.
ReplyDeleteඅවාසි තව ඕනෙ
ReplyDeleteගොඩක් හොඳයි
ReplyDeleteගොඩක් හොඳයි
ReplyDelete